අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු විරාජ් පෙරේරා ඊයේ අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු හෙට (25) සවස 3ට අනුරාධපුර “නිසල නිම්නය” පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. දේහය දැනට අනුරාධපුර, කඩ දොළහ, ගොවිජන සේවා කාර්යාල සංකීර්ණයේ තැන්පත් කර ඇත. විරාජ් පෙරේරා කැලණිය විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අතර ඔහු දර්ශනය පිලිබඳ උපාධියක් ලබා ගත්තේය. පසුව රාජ්‍ය පරිපාලන සේවයට ඇතුලත් වූ ඔහු රෝගී තත්වයකින් මිය යන විට පළාත් පාලන කොමසාරිස්වරයා ලෙස සේවය කරමින් සිටියේය.