කෞෂාල් සිල්වාගේ හිසේ පන්දුවක් වැදේ!

2016.04.24kaushalya

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා මහනුවර, පල්ලෙකැලේදී පුහුණුවීම් වල නිරතව සිටින අතරතුර පන්දුවක් හිසේ වැදීමෙන් තුවාල ලබා තිබේ. ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා වහාම ගුවන් මගින් කොළඹට රැගෙන ආ බව වාර්තා වේ. ඔහුගේ සෞඛ්‍ය තත්වය පිලිබඳ තවමත් සවිස්තරාත්මක තොරතුරු ලැබී නැත.