චීනය “යුද සරඹ” අරඹයි – ‘හමුදා අණදෙන ප්‍රධානි‘ තනතුරක් ජනාධිපතිට

චීන ජනාධිපති ෂී ජින්පින්, එරට ‘සන්නද්ධ හමුදා අණදෙන ප්‍රධානි‘ තනතුරට පත්කර තිබේ. 62 හැවිරිදි ෂී, පාලක කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා මෙන්ම එම නිලබලයෙන් හිමිවන ජනාධිපති ධුරයද උසුලයි.මෙතෙක් එරට සන්නද්ධ හමුදා මෙහෙයවන මධ්‍යම හමුදා කොමිසමේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේ ජනාධිපති ෂී ජින්පින්මය.

සන්නද්ධ හමුදා වඩාත් හොදින් මධ්‍යගත මෙහෙයුමකට නතුකිරීමේ අරමුණ ඇතිව චීන රජය විසින් ඇති කළ බව ප්‍රකාශිත ‘ඒකාබද්ධ අණදෙන මධ්‍යස්ථානයේ‘ (Joint Operations Command Centre) පළමුවැනි අණදෙන ප්‍රධානියා ලෙස නම් කරනු ලැබුවේ ජනාධිපතිවරයාමය. චීනයේ ‘මහජන හමුදාව‘ ලක්ෂ 23කට ආසන්න මිනිස් බලයක්, මිසයිල නවීනතම තාක්ෂනික අවි, ප්‍රහාරක යානා, ප්‍රහාරක යාත්‍රා, සබ්මැරීන වැනි බලසම්පන්න ආයුධවලින් සමන්විත සහිත බව එරට වාර්තා පවසයි. මේ අනුව, මෑත දශක කිහිපයේ චීන නායකත්වය හිමි බලසම්පන්නම පුද්ගලයා බවට ෂී ජින්පින් ඔසවා තබන්නට චීන කොමියුනිස්ට් පක්ෂය ක්‍රියා කර ඇත. නව තනතුරට පත්වීමෙන් අනතුරුව පසුගිය 20 වැනිදා ඒකාබද්ධ අණදෙන මධ්‍යස්ථානයේ නිරීක්ෂන චාරිකාවක් සදහා පැමිනි ෂී යුද හමුදා ඇදුමකින් (camouflage fatigues) සැරසී සිටි බව චීන ජනමාධ්‍ය වාර්තා කළේය. එහිදී ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ චීන හමුදාවේ ‘නව අණදෙන ප්‍රධානියා‘ පවසා තිබුණේ වත්මන් තත්වය තුල චීන සන්නද්ධ හමුදා ඒකාබද්ධ අණදෙන මූලස්ථානය උපායමාර්ගිකවත්, මනා සම්බන්ධීකරණයකින්, කාලය කලමණාකරණයකින්, වෘත්තියමය හා වඩා නිවැරදි ක්‍රියාමාර්ගවලට එළඹියයුතු බවයි. අර්බුදකාරී අවස්ථා හදුනාගනිමින් හා ජාතික ආරක්ෂාව සදහා වන උපායමාර්ගික දැක්මකින් කටයුතු කරන්නට ඒකාබද්ද අණදෙන මූලස්ථානය සමත් වියයුතු බවද ඔහු අවධාරණය කළේය. ලෝක පරිමානයෙන් ඇතිවන ‘මිලිටරි විප්ලවයේ ප්‍රවනතා‘ (trends of global military revolution ) අධ්‍යයනය කරමින් තොරතුරු යුද්ධය දිනාගැනීමේ අරමුණද ඇතිව ඒකාබද්ධ අණදෙන මූලස්ථානයේ ක්‍රමවේද ස්ථාපිත කළයුතු බව ඔහු සිය කාර්ය මන්ඩලයට උපදෙස් දුන්නේය. ඒසෙම සන්නද්ධ හමුදා අණදෙන මූලස්ථානය මනා න්‍යායාත්මක දැනුමක්, සැලසුම්කරනයේ පුහුණුවක් හා නිරන්තර යුද අභ්‍යාසයේ ක්‍රියාන්විතයක් තුල පවත්වාගෙන යන්නට අවශ්‍ය බව චීන ජනාධිපතිවරයා පැවසීය.

‘අවසාන අරමුණ ලෙස යුද්ධ කිරීමට මෙන්ම යුද්ධ ජයගැනීමට අවශ්‍ය ක්‍රියාකාරිත්වයක් ස්ථාපනයට හා හා ධාරිතාව හැකි ඉක්මමනින් අත්පත් කරගන්නට සියල්ල කළ යුතු බවත්, ඒ සදහා හැකි ඉක්මනින් ප්‍රධාන පෙළේ සමත්කම් පෙන්වන්නට සුවිශේෂී පියවර තබන්නට සූදානම්වන ලෙස ඔහු චීන ආරක්ෂක ප්‍රධානින්ට දන්වා සිටියේය. මෙම ඒකාබද්ධ අණදෙන මූලස්ථානය ස්ථාපිත කෙරුණේ කලාපීය බලවතා වශයෙන් චීනය මිලිටරිමය හැකියාව සහිත පෙරමුණ් ස්ථිර ලෙසම රදවාගන්නට බව ආරක්ෂක නිරීක්ෂකයන් අදහස් දක්වා තිබේ. එසේම එය කලාපීයව හා ජාත්‍යන්තර පරිමාණයේ ප්‍රතිවාදීන්ට කළ අබියෝගයක් බවටද සැකයක් නැත. එහිදී, චීන මිසයිල වෙනුවෙන් රොකට් නිර්මාණය කිරීමේ වැඩසටහනක් හා දකුනු චීන මුහුදේ ස්ථාපනය වන කෘත්‍රිම දූපත් ආශ්‍රිත මිලිටරි සැලසුම් අවධානයට ගන්නට සිදුවන බව ඔවුහු පෙන්වා දෙති.

2016.04.24-China-Military 2016.04.24-China-Military_xi-jinping 2016.04.24-China-Military1 2016.04.24-China-Military2 2016.04.24-China-Military3