ධනපති පක්ෂ වලට, ජාතිවාදීන්ට ජාත්‍යන්තර කම්කරු දිනයේ කිසිදු අයිතියක් නෑ – පුබුදු ජයගොඩ
Posted on 04.25.2016 by Madanayaka in දේශීය පුවත් with 0 Comments
මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය පිළිබඳ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අදහස ඉදිරිපත් කිරීම සඳහා අද 25 දින කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුණා. මේ අවස්ථාව සඳහා එම පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ සහ එම පක්ෂයේ මධ්‍යම කාරක සභික සුජිත් කුරුවිට සහභාගී විය.මෙහිදී අදහස් දැක්වූ පුබුදු ජයගොඩ සිය අදහස් දැක්වීම ආරම්භ කළේ මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය සම්බන්ධයෙන් රට තුළ නිර්මාණය වී ඇති සාකච්ඡාව පිළිබඳ සිය අදහස දක්වමින්,
‘‘මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය එහෙම නැත්නම් මැයි දිනය සම්බන්ධයෙන් මේ වන විට රට තුළ සාකච්ඡුාවක් නිර්මාණය වෙලා තියෙනවා, එහෙම සාකච්ඡාවක් නිර්මාණය වෙලා තිබෙන එක හොඳයි. ඒක නිර්මාණය වෙලා තියෙන්නේ කම්කරුවන්ගේ අයිතීන් ගැන කතා කරන්න. නමුත් මේ වන විට මේ සාකච්ඡාව නිර්මාණය වෙලා තියෙන්නේ කවුද විශාලම මැයි දිනය පවත්වන්නේ කියන එක. එක්සත් ජාතික පක්ෂයේත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේත් පක්ෂ තුළ පවතින අර්බුද සහ පක්ෂ වල ශක්තීන් නිරූපනය කරන දර්ශකයක් විධියට තමයි සාකච්ඡුාව තියෙන්නේ, ලොකුම ජාත්‍යන්තර කම්කරු දින රැුලිය තියන්නේ එක්සත් ජාතික පක්ෂයද, ශ‍්‍රීලංකා නිදහස් පක්ෂයේ මෛත‍්‍රීපාල සිරිසේන පිලද නැත්නම් මහින්ද රාජපක්ෂ පිලද කියන එක පැත්තේන් තමයි සාකච්ඡාව තියෙන්නේ. මේ සමග අමතක කරලා යන දේ තමයි මේ රටේ කම්කරුවන්, ධීවරයන්, ගොවියන්, ස්වයං රැකියා නියුක්තිකයන් ආදී වැඩකරන පන්තියේ ජනතාව මුහුණදීල තියෙන ප‍්‍රශ්න සහ ඔවුන් සංවිධානය කරන්නේ කෙසේද යන සාකච්ඡාව බව ඔහු පැවසුවා.
තවදුරටත් අදහස් දක්වමින් ඔහු ප‍්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයටල ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඔවුන්ගේ වල්ග බවට පත්ව තිබෙන කිසිදු පක්ෂයට ජාත්‍යන්තර කම්කරු දිනයේ අයිතියක් නැති බවයි. කම්කරුවන් අයිතීන් වෙනුවෙන් සටන් වදිනවිට ඔවුන් සිටින්නේ බැරිකේඞ් එකට එහා පැත්තෙන් බවත් ඒ නිසා ඔවුන්ට කම්කරු දිනයේ කිසිදු අයිතියක් නැති බවත් ඔහු පැවසුවා. එසේ බැරිකේඞ් එකෙන් එහා පැත්තේ සිට කම්කරුවන්ට කඳුළුගෑස්, බැටන් පොලූ පහර දෙන්න ඉන්න අය මැයි පළවෙනිදාට විතරක් අවිල්ලා කම්කරු දිනය සමරන එක අතිශය විහිළුවක් අමතක කරන්න නරකයි කොහොමද ලෝකේ ජාත්‍යන්තර කම්කරු දිනයක් නම් වුනේ කියන එක, ජාත්‍යන්තර කම්කරු දිනයක් නම් වුනේ 1886 ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝ නුවර කම්කරුවන් පැය අටක සාධාරණ වැඩ දිනයක් ඉල්ලා කරපු සටනත් එක්ක, මීට කෘර ප‍්‍රහාරක් එල්ල කරලා කම්කරුවෝ මැරුණා, ඉන් පසු 1889 ජුලි මාසයේ එකතුවන කොමියුනිස්ට් දෙවන ජාත්‍යන්තරයෙන් තමයි තීරණයක් ගන්නේ මැයි පළමුදා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස නම් කරන්න, ඒ නිසා මෙය ලොකයේ කම්කරුවන්ට, රැකියා විරහිතයන්ට, තරුණයන්ට, ගොවීන්ට අයිති දිනයක් බව ඔහු වැඩිදුරටත් පැවසුවා.
කම්කරු දිනයේ භාවිතා කරන කොඩි රතු පැහැ වූයේ හේමාකට් කම්කරුවන්ගේ රැධිරයෙන් බවත්, ඒ නිසා මේ රතු කොඩියේ ඉතිහාසය ලේ හලලා ඇති කරගත් ඉතිහාසයක් බවත් එබැවින් එය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේත් එක්සත් ජාතික පක්ෂයේත් ව්‍යාපෘතිවලට මෙය ලඝු කළ නොහැකි බව ඔහු පැවසුවා.
එක්සත් ජාතික පක්ෂය මෙවර කම්කරු දිනයේ තේමාව ලෙස ගෙන ඇත්තේ කැපකරන්නන්ගේ දිනය කියලා, මොකක්ද මේ කියන්නේග පසුගිය අයවැයෙන් ඉදිරිපත්වුණා, එක්සත් ජාතික පක්ෂය කියන කැපකිරීම මොකක්ද කියලා, වැඩ කරන්න පුළුවන්කාලේ හොඳටම කඹුරලා, විශ‍්‍රම දිවියේදී ලැබෙන්න නියමිත විශ‍්‍රාම වැටුප් අර්ථසාධක අරමුදල් ඒවත් අහිමි කර ගැනීම තමයි මේ කැපකිරීම, පැය අටේ වැඩ දිනය පැය 09 ට වැඩි කරන එක තමයි එක්සත් ජාතික පක්ෂයේ කැපකිරීම, මීට අවුරුදු සිය ගණනකට කලින් ලේ හලලා දිනා ගත්ත අයිතීන් තමයි මේ කැපකරන්න කියන්නේ, අන්තිමට අපේ‍්‍රල් මාසයේදී කිව්වා ජාත්‍යන්තර කම්කරු දිනයට පහුවදා කරන්න වෙන කැපකිරීමක් ගැන, ඒ වැට් බද්ධ වැඩි කිරීමෙන්,
මේ නිසා මෙවැනි පියවරයන් ගෙන කම්කරුවන් පීඩාවට පත්කර ඇති එක්සත් ජාතික පක්ෂයට ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීමට කිසිදු අයිතියක් නැති බව ඔහු පැවසුවා.
එසේම ජාත්‍යන්තර කම්කරු දිනය යනු ජාත්‍යන්තර දිනයක් බවත් කිසිදු ආකාරයෙන් එය ගෝත‍්‍රවාදී ජාතිවාදීන්ගේ දිනයක් නොවන බවත් ඒ නිසා කිසිදු ජාතිවාදියෙකුට ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීමට අයිතියක් නැති බවත් වැඩිදුරටත් පුබුදු ජයගොඩ සහෝදරයා පැවසුවා.
ඒ නිසා මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය ලොව පුරා සිටින කම්කරුවන් බලමුලූ ගන්වන දිනයක් බව ඔහු පැවසුවා. එය නිසැකවම වාමාංශිකන්ගේ දිනයක් බවත්, ඒ වෙනුවෙන් ලංකාවේ දී ජාත්‍යන්තර කම්කරු දිනය සමරන වාමාංශික පක්ෂ සහ වෘත්තිය සමිති වෙත සුබ පතන බවත්,
මේ වන විට කම්කරු දිනය යනු සැමරීමට ඇති දෙයක් නොව කාලෙකට පෙර දිනා ගත් අයිතීන් කප්පාදු කිරීමට එරෙහිව සටන් වැදිය යුතු දිනයක් බවත්ල ඒ වෙනුවෙන් මේ වන විටත් ප‍්‍රංශයේ ග‍්‍රීසියේ ආදී රටවල සටන් වදින කම්කරුවන් මෙන්ම ලංකාවේ පරදිම අර්ථසාධක අරමුදල් කප්පාදුවට එරෙහිව සටන් වදින ඉන්දියානු කම්කරුවන් වැනි ලොව පුරා කම්කරුවන් එක්ව ජාත්‍යන්තර කම්කරු දිනය සිය අරගල ප‍්‍රකාශයට පත් කරන දිනයක් කර ගත යුතු බවත් ඔහු පැවසුවා.
ඒ වෙනුවෙන් කළ හැකි අන් කිසි දෙයක් නොමැති බවත් කිරීමට ඇත්තේ වැඩකරන ජනතා බලයක් ගොඩ නැගීම බවත් එසේ ගොඩ නගන බලයක් තුළින් අයිතිවාසිකම් දිනා ගන්නා අතර එවැනි අයිතිවාසිකම් තහවුරු කරන වැඩකරන ජනතාවගේ රාජ්‍ය බලයක් සමාජවාදී සමාජයක් ගොඩ නැගීම වෙනුවෙන් එම අරගලය පෙළ ගැස්විය යුතු බව ඔහු ප‍්‍රකාශ කළා.
‘‘පැය අටක වැඩ දිනයක් දියව් කියලා එදා හේමාකට් කම්කරුවන් අතට ගත්ත සටන් පාඨය අද ලංකාවේ ලෝකේ කම්කරුවන්ට අතට ගන්න වෙලා, රැුකියා සුක්ෂිත භාවය වෙනුවෙන් සටන් කරන්න වෙලා, මුදල් අමාත්‍ය රවී කරුණානායක කියනවා වැඩිම පිරිසක් මෑන්පවර්ල, අනියම් හා අර්ධකාලීන බවට පත් කිරීමේ අරමුණකින් තමයි ආණ්ඩුව කටයුතු කරන්නේ කියලා, මේ නිසා මේවාට විරුද්ධව සටන් කළ යුතුයි.
ඒ අනුව පෙරටුගාමී සමාජවාදී පක්ෂය් වැඩකරන ජනතා බලයක් – සමාජවාදී සමාජයක්’ යන තේමාව යටතේ මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය සමරන බවත්, ඒ වෙනුවෙන් මැයි පළමුවෙනිදාට පෙර මෙන්ම පසුවත් ජනතා දැනුවත් කිරීම් සංවිධානය කර ඇති බව ඔහු පැවසූ අතර මෙවර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රධාන සැමරුම ලෙස ජාත්‍යන්තර කම්කරු දින පෙළපාලිය මැයි පළමුදා උදේ 10.00 කොටහේන රත්නම් පිටියෙන් ආරම්භව කොළඹ ප‍්‍රධාන බස් නැවතුම් පොළ ආසන්නයේ පැවැත්වෙන රැුළිය වෙත ගමන් කරන බවත්. ප‍්‍රධාන රැුළිය සවස 3.00ට ආරම්භ වීමට නියමිත බවත් එය අවසානයේ සංකෘතික ප‍්‍රසංගයකින් මෙවර ජාත්‍යන්තර කම්කරු දින වැඩසහන් සමන්විත වී ඇති බවත් එහිදී වැඩිදුරටත් පැවසුවා.
Related News