සයිටම් විරෝධී රැලියට ආණ්ඩුවෙන් යටි උගුල්!

ranil-maithripala

‘මාලබේ හොර උපාධි කඩය අහෝසි කරනු! යන තේමාව යටතේ ‘සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය‘ සංවිධානය කළ විරෝධතා රැළිය සදහා මුදල් ගෙවා වෙන්කර තිබූ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේ අවසරය ඊයේ(26) කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව අවලංගු කර තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර නගරසභාවට අයත් මෙම එළිමහන් රංග පීඨය ප්‍රසිද්ධ රැස්වීම් සදහා අය කරන ගාස්තු ගෙවා වෙන් කරනු ලැබුවේ ජූලි 18 වැනිදාය. ඒ සදහා නියමිත ගාස්තුව ලෙස ඉල්ලා සිටි රු.46350ක මුදලද ගෙවා තිබේ. එහෙත් ඊයේ දින නගරසභා නිලධාරින් විසින් දුරකථන ඇමත=මක් දෙමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම එළිමහන් රංගපීඨය මෙවැනි කටයුතු සදහා ලබා දිය නොහැකි බවයි. කෙසේ වෙතත් මෙම රැළිය සංවිධානය කළ සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය වෙනුවෙන් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ප්‍රකාශ කරන්නේ නියමිත ආකාරයට එම ස්ථානයේම රැළිය පැවැත්වීමට කටයුතු සංවිධානය කරන බවයි.

සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය නියෝජනය කරන සංවිධාන ලෙස මේ සදහා සහභාගිවන සංවිධාන මෙසේය.

එක්සත් කම්කරු සම්මේලනය

ලංකා වෙළෙඳ කාර්මික පොදු කම්කරු සංගමය

රජයේ මුද්‍රණ ශිල්පීන්ගේ සංගමය

මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය

නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවක සංගමය

ලංකා ගුරු සේවා සංගමය

ලංකා සංගමය

ප්‍රගති ගුරු සංගමය

ඒකාබද්ධ ගුරු සේවා සංගමය

සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

වතු සේවා සංගමය

කම්කරු අරගල මධ්‍යස්ථානය‍

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

ස්වාධීන තටාකාංගන සේවක සංගමය

එක්සත් තටාක සේවක සංගමය

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීගේ සංගමය

අලුත් පරපුර

ප්‍රැක්සිස් සාම‍්හිකය

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

ආචාර්ය ප්‍රීමාල් ප්‍රනාන්දු

අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව

අන්තර්විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය

Leave a Reply