“එස්. එල්. ටී. ස්පීඞ් අප්“ පාපැදි සවාරිය ඇරඹේ.

slt.jpgweb

“එස්. එල්. ටී. ස්පීඞ් අප්“ විවෘත රේසිං පාපැදි සවාරිය අද ආරම්භ විය. අද පෙරවරු 8.30 ට පමණ කොළඹ ටෙලිකොම් මුලස්ථානය ඉදිරිපිටින් පාපැදි තරගය නිල වශයෙන් ආරම්භ විය. අද ප්‍රථමයෙන් විවෘත පිරිමි තරගය උදෑසන 8.30ට පමණ ආරම්භවූ අතර ඉන් පැයකට පමණ පසුව කාන්තා රේසිං පාපැදි තරගයද ආරම්භ විය. කාන්තා තරගය කිලෝමීටර් 50ක දුරක් පැවැත්වේ. කාන්තා පාපැදි තරගය අද දින අම්බලන්ගොඩින් අවසන් වේ.

පිරිම රේසින් පාපැදි තරගය අද දින මාතර නගරය දක්වා පැවැත්වෙන අතර එම දුර  ප්‍රමාණය කිලෝමීටර් 150ක්. දින පහක් පුරා පැවැත්වෙන පිරිමි පාපැදි සවාරියේ මුඵ දුර ප්‍රමාණය කිලෝමීටර 780.5 කි.

හෙට (28) මාතර සිට රත්නපුර නව නගරය දක්වා කිලෝමීටර 150.0 ක් දුර දෙවන අදියර පැවැත්වේ. රත්නපුර මහජන බැංකුව ඉදිරිපිටන් ආරම්භවන තෙවන අදියර කිලෝමීටර 127 ක දුරක් ධාවනයේ යෙදෙමින් මහනුවර දළදා වීදිය අසළින් එම අදියර අවසන් කරති. කිලෝමීටර 149.8 ක දුරකින් පැවැත්වෙන සිවුවැනි අදියර මහනුවර නගරයේ සිට අනුරාධපුර නගරය දක්වා පැවැත්වීමට නියමිතය.

තරගයේ අවසාන දිනය තරගය අදියර දෙකකින් ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව අනුරාධපුර නගරයෙන් 31 වැනිදා පෙරවරු 8.30 ට ආරම්භවන පස්වැනි අදියරේ පළමු අර්ධය පොලොන්නරුව දක්වා කිලෝමීටර 106.0 කින් අවසන් කරන අතර ඉන් පසුව එහි දෙවැනි සහ අවසන් අර්ධය එදින පස්වරු 2.00 ට පොලොන්නරුවෙන් ආරම්භ කර කිලෝමීටර 97 පසුකර මඩකලපුව දක්වා පැවැත්වේ. මෙම පාපැදි සවාරියට දිවයිනේ නමගිය තරගකරුවන් ඇතුළු තරගකරුවන් 182 දෙනෙක් ඉදිරිපත්ව සිටී.

මේ අනුව දින පහක් පුරා පැවැත්වෙන මෙම පාපැදි සවාරියේ සමස්ත තරගය මඩකලපුව සෙල්වනායගම් අනුස්මරණ ශාලාව ඉදිරිපිටින් අවසන් වේ.

දින පහක් පුරා පැවැත්වෙන පිරිමි පාපැදි සවාරිය මේ මස 31 වැනිදා අවසන් වන්නේ මඩකලපුව නගරයෙනි. ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය විසින් තරගාවලිය මෙහෙයවනු ලබයි.

දින පහක් පුරා පැවැත්වෙන පිරිමි පාපැදි සවාරිය මේ මස 31 වැනිදා අවසන් වන්නේ මඩකලපුව නගරයෙනිග ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය විසින් තරගාවලිය මෙහෙයවනු ලබයි.

Leave a Reply