රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ඉල්ලා අස්වේ – ජනපති ලිපිය භාර නොගනී 

Ranga Kalansooriya

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය ඊයේ (26) සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත භාර දුන් බව මාධ්‍ය වාර්තා කර තිබේ. පසුගිය සතියේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපතිවරයා විසින් රංග කලංසූරිය විවේචනය කිරීම ඔහුගේ මෙම තීරණයට හේතුවූ බවද තව දුරටත් වාර්තා වේ. ‘රංග කලංසූරිය භයානක මිනිහෙක්-මෛත්‍රීගෙන් හෙළිදරව්වක්’ යන ශීර්ෂ පාඨයද  ‘රනිල්-මෛත්‍රී කොටවන්නත් හදලා’ උප ශීර්ෂ පාඨයද යටතේ ජුලි 24වන ඉරිදා මව්බිම පුවත්පතේ කැබිනට් එක තීරුවේ පළ වූ තොරතුරක් මෙම මතභේදයට හේතුවී ඇති බවද වාර්තා වේ.

නමුත් ආණ්ඩුව මෙම ඉල්ලා අස්වීම භාරගෙන නැති අතර කැබිනට් රැස්වීම පැවැත්වීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ සමග පැවති සාකච්ඡාවෙන් පසුව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධූරයේ දිගටම රැඳී සිටීමට තීරණය කළ බව ආචාර්ය රංග කලංසූරිය පසුව පැවසීය. ජනාධිපතිවරයා, අගමැතිවරයා, ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක සහ නියෝජ්‍ය ඇමැති කරු පරණවිතාන මේ ගැටළුව සම්බන්ධයෙන් ඊයේ උදෑසන සාකච්ඡාවක් ද පවත්වා ඇති අතර, එහි දී තීරණය කර ඇත්තේ රංග කලන්සූරියට එරෙහිව අසත්‍ය පුවත් පළ කිරීමට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට ය.

Leave a Reply