දකුණු චීන මුහුදේ චීන – රුසියානු නාවික අභ්‍යාස

us ships

එළඹෙන සැප්තැම්බර් මස දකුණු චීන මුහුදේ චීන- රුසියා නාවික අභ්‍යාසයක් ආරම්භ කරන බව ඊයේ චීන විදෙස් අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තාකරයි.

මෙම නාවික අභ්‍යාසය ගැන සඳහන් කරමින් චීන විදෙස් අමාත්‍යාංශ ප්‍රකාශකයා පවසන්නේ මෙය දෙරට අතර නාවික සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කර ගැනීමේ අරමුණෙන් මෙම නාවික අභා්‍යාසය පවත්වන බවයි.

මේ වන විට දකුණු චීන මුහුදේ දූපත් සමූහයක් පිළිබදව අසල් වැසි රටවල් ගණනාවක් සමග ගැටලුකාරී තත්වයක් චීනය ඇතිකරගෙන තිබේ. මෙම මත භේදාත්මක දූපත් සමුහය සම්බන්ධයෙන් ඒ අවට රටවල් චීනය සමග යම් ගැටලුකාරී තත්වයක සිටින අතර එම තත්වය එක්සත් ජනපදය විසින් තම ආසියානු කලාපයේ චීනයේ ආධිපත්‍යට යම් අභියෝගයක් එල්ල කිරීමට භාවිතා කරමින් සිටී.

එයට අවශ්‍ය චීනය අවට රටවලින්ම සකසා ගැනීමේ උත්සාහයක නිරත වෙමින් සීටින මොහොතකයි මෙම චීන- රුසියා නාවික හමුදා අභ්‍යාසය පැවැත්වීමට ඔවුන් තීරණය කර තිබෙන්නේ. කෙසේ වෙතත් චීන විදෙස් කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශක පවසා ඇත්තේ කිසිදු තෙවෙන පාර්ශවයකට මෙම නාවික අභ්‍යාස මගින් බලපෑමක් සිදු නොවන බවයි. දෙරට අතර නාවික හමුදා සහායෝගීත්වය වර්ධන කිරීමේ පරමාර්ථයෙන් මෙම නාවික හමුදා සිදු කරන බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

Leave a Reply