දිවයිනේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විශේෂයෙන් වෛද්‍ය පීඨ නියෝජනය කරමින් ශිෂ්‍යයන් හා මවුපියන්ද දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති හා බහුජන ක්‍රියාකාරිකයන්ද එක් වූ ‘සයිටම් විරෝධී සිසු ජන ව්‍යපාරයේ‘ පා ගමන අද(27) සවස් වරුවේ නුගේගොඩ නගරය දක්වා පැමිණියේය.
අන්තර් විශවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ නායකත්වයෙන් මෙම විරෝධතා පාගමන, ශ්‍රී ජයවර්ධනපුර සරසවියෙන් ආරම්භ කර හයිලෙවල් පාරේ නුගේගොඩ දක්වා පැමිණියේය. සවස 4.00ටදේශපාලන පක්ෂ, වෘත්තිය සමිති, ජනමාධ්‍ය සංවිධාන ඇතුලු බහුජන නියෝජිතයන්, කලාකරුවන් හා සිවිල් ක්‍රියාකාරිකයන්ගේ සහභාගිත්වයෙන් සයිටම් විරෝධී රැළිය ආරම්භ කෙරිනි.
දහස් ගණනකගේ සහභාගිත්වයෙන් සමරකෝන් එළිමහන් රංග පීඨය අතුරු සිදුරු නැතිව පිරී තිබිණි. සයිටම් විරෝධයෙන් නොනැවතී අධ්‍යාපනය හා සෙඛ්‍ය සේවය මුදලට විකිණීමේ ක්‍රියාදාමය අහෝසි කරන ජනතා අරගලය නුගේගොඩ නගරයෙන් ආරම්භ කළ බව එහිදී කතා කළ නියෝජිතයන් සියලු දෙනාගේ අදහස විය.




