යාපනේ සරසවි බිමේ විකල්ප හඩක් වෙනුවෙන්! – සංවාදයට විවෘත වේදිකාවක්

2016.07.17 jaffna uni

යාපනය සරසවියේ සිසු ගැටුමෙන් පසු එම සරසවියේ දෙවැනි වසර ශිෂ්‍යය ප්‍රදීප් ගුණරත්නම් ලියූ ලිපියට පිළිතුරු ලෙස කැලණිය සරසවියේ තුන් වැනි වසරේ සිසුවකු ලිපියක් ‘ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ‘ වෙබ් අඩවියේ පළ කර ඇත. එසේම එම ලිපියට ප්‍රදීප් ගුණරත්නම් සිසුවා ලබා දෙන පිළිතුරු ලිපිය පහතින් දැක්වේ.


දයාබර යධාර්තන් සහෝදරය,

මම කැලණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන්නෙක්මි. යාපනය විශ්ව විද්‍යාලයේ සිදුවීම සම්බන්ධයෙන් අසන්නට දකින්නට ලැබුණු දෑ ඉතා කණගාටුදායකය. යාපනය විශ්වවිද්‍යාලය යනු මෙරට තිබෙන කීර්තිමත්ම විශ්ව විද්‍යාලයක් වන අතර යුද්ධය පැවැති සමයේදී විශ්වවිද්‍යාලයේ සිසුන්, පාලනාධිකාරිය ඇතුළු පාර්ශ්වයන්ට දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවිය. කෙසේ වෙතත් අතීත කීර්තානාමයෙන් මිදී විශ්ව විද්‍යාලය ප්‍රතිස්ථාපනය කිරීමටත් නැවත නඟා සිටුවීමටත් කටයුතු කළ යුතුව ඇත.

මට ප්‍රශ්න කිහිපයක් ඇසීමටත් අදහස් කිහිපයක් ප්‍රකාශ කිරීමටත් තිබේ.

අප සියලු දෙනා දන්නා පරිදා ගැටුම ඇති වූයේ සීමිත ශිෂ්‍ය කණ්ඩායමකගේ ක්‍රියාකරකම් හේතුවෙනි.  එයට සියලුම සිංහල සිසුන් හෝ සියලුම දෙමළ සිසුන් සම්බන්ධ වී නැත. මෙය දිගින් දිගටම ක්‍රියාත්මක වේවි ද නැතහොත් එක් සිදුවීමක් පමණක් ද ? මෙම සිදුවීම අනෙකුත් ශිෂ්‍ය ප්‍රජාව  අතර ව්‍යාප්ත වේවි ද ? මාධ්‍ය වාර්තා කරන පරිදි මෙම සිදුවීමට වාර්ගික හේතුවක් පසුබිම් වූයේ ද ? මෙය ශිෂ්‍ය පාර්ශව දෙකක් අතර සිදු වූ ගැටුමක් ද ?

කෙසේ වෙතත් ‘ටැමිල්නෙට්’ ඇතුළු තවත් දෙමළ වෙඞ් අඩවි කිහිපයක් සිදුවීම් වාර්තා කර තිබුණේ වෙනත් ආකාරයකටය. කිසිදු නිවැරැදි කිරීමක් කර නොතිබිණි. මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකළ යුතු යැයි ඔබ සිතනවාද ?

යාපනයේ විශ්ව විද්‍යාලයේ දෙමළ හා සිංහල සිසුන් සමගියෙන් සහයෝගයෙන් කටයුතු කරන ආකාරය දැක්වෙන ලිපියක් මීට මාස කිහිපයකට පෙර කියවූයෙමි. එවැනි පසුබිමක මෙම සිදුවීම මා මහත් කම්පනයටත් පුදුමයටත් පත් කළේය. මෙවැනි සිදුවීම් යථා තත්ත්වයට පත්වනු ඇති බවත් ඔබවැනි සිසුන් සංහිඳියා ක්‍රියාවලියේ දී ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරනු ඇති බවත් විශ්වාස කරමි.

අපගේ විශ්ව විද්‍යාලවල මෙවැනි ධාමරිකම් කම් සිදු වන්නේ නැත . අපි සියලු දෙනා සහෝදර සහෝදරියන් ලෙස අත්වැල් බැඳගෙන සහයෝගයෙන් කටයුතු කරන්නෙමු. එම මෙහි නිසා මෙවැනි සිදුවීම් සිදු නොවන බව අපට විශ්වාසයෙන් කිව හැකිය.

යාපනයේ විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන්ගේ වර්ධනයක් සිදු වන බව   ඔබේ ලිපියේ සඳහන් කර තිබිණි. විශ්ව විද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගන්නේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් හා ඉන් අනතුරුව ඉසෙඩ් අගය අනුව යන්න ඔබ හොඳින් දන්නවා යැයි විශ්වාස මම කරමි. යුද්ධය අවසන් වීමත් සමඟ දකුණේ පිරිස් උතුරට පැමිණීමට පටන් ගෙන ඇත. එය එසේ විය යුතුයි. එය සංහිඳියාව ඇති කිරීමේ ක්‍රියාවලියට අත්‍යවශය යැයි මම විශ්වාස කරමි.  ඔබ මේ සම්බන්ධයෙන් ලිපියක් ලිවීමට කටයුතු කිරීමත් ඔබේ ධෛර්යයත් අගය කරමි.

ඔබ මෙන්ම ඔබේ මිතුරන් ද, අපේ සහෝදර සහෝදරියන් ද යාපනය විශ්ව විද්‍යාලය තුළ සංහිඳියාව ඇති කිරීමේ ක්‍රියාවලියේදී ප්‍රමුඛත්වය ගනු ඇතැයි  මම විශ්වාස කරමි.

ස්තුතියි,

මෙයට,

දර්ශන ගමගේ

කැලණිය විශ්ව විද්‍යාලයය

තෙවැනි වසර ශිෂ්‍ය


පිළිතුරු ලිපිය


දයාබර දර්ශන, 

ඔබේ අවධානයටත් බලාපොරොත්තු මත ඔබ තබා ඇති වශ්වාසයටත් ස්තූතියි. දෙපාර්ශවයේම මාධ්‍ය වර්ගවාදී ආකාරයෙන් පුවත් වාර්තා කර තිබුණු බව ඉතාමත් පැහැදිලියි. අප සැමවිටම ඉන් මිදිය යුතුයි.

යාපනයේ සිදුවීම ඉතා සීමිත පිරිසකගේ ක්‍රියාවක් බව අප සැවොම දන්නා කරුණකි. ඊට සියලුම දෙමළ හෝ සිංහල සිසුන් සම්බන්ධ නැති බව ද අපි හොඳින් දනිමු. මෙය දිගටම පවතී ද එසෙත් නැතිනම් එක් සිදුවීමක් පමණක් ද ? එය අනෙක් ශිෂ්‍ය ප්‍රජාව අතරත් පැතිරේවි ද? යන්න ඔබ අසා තිබිණි.

කෙසේ නමුත් අප මේ තත්ත්වය වෙනස් කළ යුතුය. මෙවැනි සිදුවීම් දිගින් දිගටම සිදුවීමට ඉඩ නොදිය යුතුයි. අප සියලු දෙනා කෙරෙහි මිත්‍රත්වයේ දෑත් දිගු කළ යුතුය. සියලු දෙනා කෙරෙහිම ආදරයෙන් කටයුතු කළ යුතුයි. මෙම සිදුවීම රටේ තිබෙන වාර්ගික ප්‍රතිවාදීකම්වලින් සම්පූර්ණයෙන්ම වෙන් කළ නොහැකියි. ජාතික මට්ටමෙන් රටේ ජාතීන් අතර සිදුවන දෑ විශ්ව විද්‍යාල තුළත් සිදු වේ. බෞද්ධයන් ජීවත් නොවන උතුරේ බෞද්ධාකරණයක් සිදුවෙයි. පසුගිය කාලය පුරාවටම හමුදාකරණයක් සිදු විය. රජය  බලහත්කාරයෙන් ඉඩම් අල්ලා ගත්තේය. ජාතික ප්‍රශ්නයකට කිසිදු ආකාරයක දේශපාලන විසඳුමක් ලැබුණේ නැත.

මේ නිසා සිංහල සිසුන් කරන ඉල්ලීම් දෙස පවා දෙමළ සිසුන් බලන්නේ සැකයෙනි. (මා කතා කරන්නේ යාපනය  දෙමළ සිසුන්ට පමණක් අයිති යැයි සිතන පිරිස ගැන නොවේ). එහෙත් සිංහල සිසුන් කර තිබුණේ සාධාරණ ඉල්ලීමකි.

මාධ්‍ය වාර්තා කළ පරිදි මේ සිදුවීමට වාර්ගික පසුබිමක් නැතැයි ඔබ සිතනවා ද? එහෙත් මෙය සසුන් දෙපිරිසක් අතර සිදු වූ සිදුවීමක් පමණක් ද ? යනුවෙන් ඔබා අසා ඇත. මා ඒ ගැන අදහස් පළ කරන්නේ නැත. එහෙත් ඔවුන්ගේ ඉල්ලීම වැරැදි යැයි මා සිතන්නේ ද නැත. ඔවුන්ටත් අයිතිවාසිකම් තිබේ. එහෙත් අප අනෙක් පැත්තත් බැලිය යුතුය. නැගෙනහිර විශ්ව විද්‍යාලයේදී, ඌව වෙල්ලස්සේදී දෙමළ සිසුන්ට ප්‍රහාර එල්ල විය. එහෙත් දකුණේ ප්‍රධාන මාධ්‍ය මෙවැනි සිදුවීම් වාර්තා කළේ නැත.

‘ටැමිල් නෙට්’ හා තවත් ද්‍රවිඩ වෙබ් අඩවි කිහිපයක් වෙනත් ආකාරයකින්  යාපනයේ පුවත වාර්තා කර තිබූ බවත්, එහෙත් කිසිදු නිවැරැදි කිරීමක් කර ඇති බවක් ඔබ නුදුටු බවත් ඔබේ ලිපියේ දක්වා ඇත.  ඔවුන් සැම විටම කටයුතු කරන්නේ ඒ ආකාරයෙනි.

අප විකල්ප හඬක් නැගිය යුතුයි. රටේ සෑම විශ්ව විද්‍යාලයකම සිටින ප්‍රගතිශීලි සිසුන් වාර්ගික ප්‍රචණ්ඩත්වයට එරෙහිව නැගී සිටිය යුතුය. ඔවුන් ඉදිරියට පැමිණ කතා කළ යුතුය. අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මේ දෙස දැඩි අවධානයක් යොමු කළ යුතුය.

අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වනු ඇතැයි ඔබ සිතනවා ද යනුවෙන් ඔබ ප්‍රශ්නයක් අසා ඇත. කුමක් වන්නේදැයි අපි බලමු. විමර්ශන ආරම්භ වී ඇත. කෙසේ වෙතත් ප්‍රශ්න අප සහයෝගයෙන් විසඳා ගත යුතුය. මේ ප්‍රශ්නයේදී පමණක් නොවන අනාගතයේදීත් අප සමගියෙන්, සහයෝගයෙන්, සාමූහිකව කටයුතු කළ යුතුය.

ස්තූතියි,

යධාර්තන් .
(ප්‍රදීප් ගුණරත්නම්)
යාපනය විශ්ව විද්‍යාලයය
දෙවැනි වසර ශිෂ්‍ය


ශිෂ්‍ය ප්‍රජාවට තමන් මුහුණ දෙන ප්‍රශ්න විවෘතව කතා කළ හැකි අවස්ථාවක් නිර්මාණය කිරීම මෙම ලිපි පළ කිරීමේ අරමුණ බව එම වෙබ් අඩවිය සදහන් කර ඇත. මේ සංවාදය සම්බන්ධයෙන් සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි යන භාෂාවලින් පිළිතුරු දීමට ඕනෑම කෙනෙකුට හැකිය. එම වෙබ් අඩවියේ ඊමේල් ලිපිනය – web.yjasl@gmail.com