මහින්ද පාර්ශ්වයේ පාගමනට අධිකරණය හරස් කරන සූදානමක්!

2016.07.27 mahinda march

හෙට (28දා)දින ආරම්භ වීමට නියමිත විපක්ෂයේ මහින්ද පාර්ශ්වයේ පාගමන මාවනැල්ල නගරයට ඇතුළුවීම වලක්වමින් අධිකරණය නියෝගයක් ගැනීමේ සූදානමක් ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ග ‘ලංකාවීව්ස්‘ වෙත හෙලි කරයි.

මෙම පාගමනට සහභාගිවීමට ඒකාබද්ධ විපක්ෂයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරු wo osk කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයාගේ නිවසේ රාත්‍රී නවාතැන් ගැනීමට සැලසුම්කර තිබේ. අද සවස්වරුවේ මහනුවරට ළඟාවීමෙන් පසුව ඔවුන් සවස්යාමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ෙසමග  සාකච්ඡාවක්  පැවැත්වීමෙන් පසුව දළදා මාලිගයටද අනතුරුව, මල්වතු අස්ගිරි හිමිවරුන් හමුවිමටද නියමිතය.

හෙට දින මහනුවරින් ආරම්භවන ඔවුන්ගේ පාගමන වැලැක්වීමට ආණ්ඩුව පාර්ශ්වයෙන් ගන්නා විවිධ බාධාකිරීම් අතරට සුපුරුදු පරිදි අධිකරණ නියෝග ලබාගැනීම එක්ව තිබේ. ඒ අනුව, පාගමනට සහභාගි වෙතැයි අපේක්ෂිත මන්ත්‍රිවරුන් නම්කරමින් තහනම් නියෝග ගැනීමට අපේක්ෂිතය. මින් පෙර රාජපක්ෂ ආණ්ඩව සමයේ මෙවැනි අධිකරණ නියෝග ලබාගැනීමෙන් පසුව විරෝධතා අවලංගු කෙරුණද ශිෂ්‍ය පාගමන් සහ එවකට පැවැති කම්කරු විරෝධතාවලදී අධිකරණ නියෝග නොතකා හැරීමක් සිදු විය.විරෝධතා දැක්වීම පුරවැසියන්ගේ අයිතියක් ලෙස පෙන්වා දෙමින් නීතිඥවරු කරුණු දැක්වීමෙන් පසුව මාර්ග අවහිරය හා මහජන පීඩාව වැනි හේතු සම්බන්ධ කරමින් පොලිසියේ පාර්ශ්වයෙන් මතු වූ නීති තර්ක නිශ්ප්‍රභා කෙරිණි.

මේ හේතුව නිසා පසුගිය කාලයේ ආණ්ඩුවට එරෙහි විරෝධතා හමුවේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරනයෙන් වාරණ නියෝග ලබාගන්නට ගිය පොලිස් නිලධාරින්ට අධිකරණයෙන් දොස් ඇසීමටද සිදු විය.

Leave a Reply