නව විගණන පනත විගණකාධිපති බලය කප්පාදු කරලා – හිටපු විගණකාධිපති

auditor office sri lanka

මේ වනවිට මෙරට විගණකාධිපතිවරයාට හිමිව ඇති අධිභාර පැනවීමේ බලය යෝජිත නව විඝණන පනත මගින් වෙනම කමිටුවකට ලබාදීමට කටයුතු කිරීම පවතින ක්‍රමවේදයට පටහැනි ක්‍රියාවක් බව හිටපු විගණකාධිපති එස්.මායාදුන්නේ ප්‍රකාශ කරයි. මේ වනවිට ලංකාව තුළ ක්‍රියාත්මක වන්නේ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රමවේදය බවත් එම ක්‍රමවේදය ක්‍රියාත්මක වන රටවල් 54කට වැඩි ප්‍රමාණයක ක්‍රියාත්මක වන්නේ විගණකාධිපතිට පූර්ණ බලය තිබෙන ක්‍රමවේදයක් බවත් ඔහු ඊයේ (26) පැවති මාධ්‍ය හමුවක පැවසීය. හිටපු විගණකාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඒ අනුව වසර 217ක් පුරා පැවත එන එම ක්‍රමවේදය තුළත් විගණකාධිපතිවරයාට පූර්ණ බලතල ලබාදී ඇති බවත් ඒ හේතුවෙන් නව පනත ඔස්සේ අධිභාර පැනවීමේ කටයුත්ත කමිටුවකට පැවරීමට හැකියාවක් නොමැති බවත්ය.

Leave a Reply