පළමු ටෙස්ට් තරගය, ඕස්ට්‍රේලියාව පළමු ඉනිම 203යි.

1st-test.web

මේවන විට පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ඕස්ට්‍රේලියානු මුල් ඉනිම ලකුණු 203 කට සීමා කිරීමට රංගන හේරත් හා ලක්ෂාන් සඳකැන් සමත්විය. නමුත් ශ්‍රී ලංකාවට වඩා ඕස්ට්‍රේලියානු පිල ලකුණු 86 කින් ඉදිරියෙන් සීටී.

තරගයේ දෙවැනි දිනය වන අද පස්වරු 2න් පසුව ඕස්ට්‍රේලියානු ඉනිම නිමා වූ නමුත් පසුව ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් තරගය අත්හිටුවන ලදි. තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් එක් කඩුල්ලක් දැවී ලකුණු 6 ක් ලබා සිටි.

දෙවැනි ඉනිමේදී ආරම්භක පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි කුසල් ජනිත් පෙරේරා ලකුණු 4 ක් පමණක් ලබා සිටියදී දැවීගියේය.

ශ්‍රී ලංකාව – පළමු ඉනිම ලකුණු 117 යි

ධනංජය ද සිල්වා 24, කුසල් ජනිත් පෙරේරා 20, පමණක් යම් ලකුණු ප්‍රමාණයක් ලබාගැනීමට සමත්විය. සෙසු පිතුකරැවෝ කිසිවෙකුට ලකුණු විස්සේ සීමාව පසුකිරීමට නොහැකිවිය.

වමතින් පන්දු යවන රංගන හේරත් හා ලක්ෂාන් සඳකැන් ඉදිරියේ ඕස්ට්‍රේලියානු පිතිකරුවෝ යම් පසුබෑමකට පත්ව සිටී.

ඕස්ට්‍රේලියාව- පළමු ඉනිම 203යි.
උස්මන් කවාජා 26, ස්ටීවන් ස්මිත් 30, ඇඩම් වෝග්ස් – නොදැවි 47, මිචෙල් මාෂ් 31, ස්ටීව් ඕ’කීෆි 23යි, අතිරේක ලකුණු 11ත් සමග සියලුදෙනා දැවී 203යි.