මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණයේ දී උන්වහන්සේට ප්‍රතිකාර ලබාදුන් රෝහල්වල වෛද්‍යවරු කිහිපදෙනකුගෙන් ප්‍රකාශ ලබාගැනීමටකොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය ඊයේ අවසර ලබාදී තිබේ. මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන විශේෂ කමිටුකමිටුවේ සභාපති කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අධිකරණයෙන් කළ ලිඛිත ඉල්ලීමක් අනුව එම නියෝගය ලබාදී තිබේ. මුලින් සුවය ලබා සිටි මාදුළුවාවේ සෝභිත හිමියන් පසුව විවේක ගැනීම සඳහා මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පුද්ගලික රෝහලට ඇතුලත් වීමෙන් අනතුරුව නැවත රෝගී තත්වය උත්සන්න වී සිංගප්පුරුවට යවන ලදී. ඒ වනවිටත් උන් වහන්සේගේ තත්වය බරපතල වූ අතර එහිදී අපවත් විය. රෝගය උත්සන්න වීමට හේතුව මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පුද්ගලික රෝහලේ වැරදි ප්‍රතිකාර බවට කිහිප දෙනෙකු පැමිණිලි ඉදිරිපත් කිරීමත් සමග ඒ පිලිබඳ පරීක්ෂණ සිදුකරන විශේෂ කමිටුකමිටුව පත් කෙරිණි.