විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව විසින් ආරම්භ කර රාජ්‍ය මර්දනය හමුවේ ගෙවුණු දිගු අරගලයකින් පසු පොදු ජනයාගේ සහ වැඩකරන ජනයාගේ සහයෝගය දිනාගත් ‘සයිටම් විරෝධී අරගලය‘ ජයග්‍රහණය දක්වා ඉදිරියට ගෙන යන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ආරම්භ කරමින් නුගේගොඩ දක්වා පාගමනකින් මෙම රැලිය ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි සයිටම් විරෝධි සිසුජන ව්‍යාපාරය වෙනුවෙන් ‘ලංකාවීව්ස්‘ වෙත ප්‍රකාශයක් කරමින් එම ව්‍යාපාරය වෙනුවෙන් අ.වි.ශි.බ.ම. ප්‍රකාශකයෙක් පැවසීය. දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති, ජනමාධ්‍ය සංවිධාන ඇතුලු බහුජන නියෝජිතයන්, කලාකරුවන් හා සිවිල් ක්‍රියාකාරිකයන් සහභාගි වන මෙම විරෝධතා රැළිය අද සවස 3.00ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් රංග පීඨයේදී ආරම්භ කරන බව එම නියෝජිතයා වැඩිදුරටත් කියා සිටියේය.