සම අයිතිය දිනාගැනීම වෙනුවෙන් ‘ඒත් අපි පියාඹමු!‘ 2016 යාපනය සංස්කෘතික උළෙල

mer-jaffna

සම අයිතිය ව්‍යාපාරය විසින් පළමුවරට සංවිධානය කළ ‘ඒත් අපි පියාඹමු’ සංස්කෘතික උළෙල සැප්තැම්බර් 30, ඔක්තෝබර් 01 සහ 02 දිනවලදී යාපනය, ඉලංගයි වේන්දන් කලා පාසල් පරිශ්‍රයේදී පවත්වන ලදී.

සැප්තැම්බර් 30වැනිදා උදෑසන 9.00ට පැවති සමාරම්භක උළෙලට යාපනය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයකු වන සාහිත්‍යධර සාමිනාදන් විමල්, ප්‍රකට සිනමාවේදී කේසවරාජන්, ප්‍රවීණ කිවියර ලාල් හෑගොඩ එහිදී කෙටි අදහස් දැක්විම් සිදුකරන ලදී. ඉන් අනතුරුව සම්ප්‍රදායික බෙර වාදන සංදර්ශනයක්ද පැවැත්විණි.

1 2

‘ඒත් අපි පියාඹමු’ සංස්කෘතික උළෙල තුළ ප්‍රදර්ශන කිහිපයක් පැවැත්වුණු අතර එයට ප්‍රේක්ෂකයන්ගේ ඉහළ ප්‍රතිචාර හිමි විය. ප්‍ර‍වීන ඡායාරූප ශිල්පියකු ලෙස ලාල් හෑගොඩගේ ‘ලෝකය එකම යායක්’ සහ නයනහාරී අබේනායකගේ ඡායාරූප ප්‍රදර්ශන ද, ජාතිවාදය සහ ආගම්වාදය පිලිබඳ තේමාවලින් අවන්ත ආටිගල නිර්මාණය කළ කාටූන් ප්‍රදර්ශනයක්ද ඇතුළත් විය. එසේම යාපනය තරුණ චිත්‍ර ශිල්පීන්ගේ චිත්‍ර ප්‍රදර්ශනයක්ද, සම අයිතිය ව්‍යාපාරයේ ක්‍රියාමාර්ග සහ ගමන් මග පිළිබඳ ප්‍රදර්ශනයක්ද එහි තිබිණි. මෙම කලා උළෙලට යාපනය පාසල් සිසුන් හා තරුණ පිරිසගේ සැලකිය යුතු සහභාගීත්වයක් තිබිණි.

mer-jaffna2 mer-jaffna1

දෙවැනි දින එනම්, සැප්තැම්බර් 30වැනිදා උදේ 10.00ට ධර්මසේන පතිරාජගේ ‘පොන්මනී’ චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරුණු අතර ඉන් අනතුරුව සංවාදයක්ද සිදු කෙරිණි. කුලවාදය සහ ජාතිවාදය සම්බන්ධයෙන් විවචෙනාත්මක අදහස් රැගත් එම සංවාදයට තායගම් සඟරාවේ සංස්කාරක තනිකාසලම්, රාසලිංගම් සහ රයාකරන් යන විචාරකයන් විසින් ප්‍රවේශය සැපයූහ.

එදින සවස 4.00ට පැවැත්වුණු ලාංකීය සිංහල , තමිල් කවිය පිළිබඳ සංවාදයේදී සිංහල සහ තමිල් භාෂා වලින් සිය කවීත්වය විදහා පෑ කවීන් රැසක් විසින් අදහස් දක්වනු ලැබීය. එයට ලාල් හෑගොඩ, ලක්ෂාන් මධුරංග වික්‍ර‍මරත්න, සාමිනාදන් විමල්, යථාර්ථන්, මාක්ස් ප්‍රභාගර්, කරුනාකරන්, අනිල් නිශාන්ත ලොකු ගමරාල, රෝහණ පොතුලියද්ද, කුමාරි කුමාරගමගේ, නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්, මාලතී කල්පනා ඇම්බ්‍රෝස්, තැන්නේ ඥානානන්ද හිමි, රිවිහාර පින්නදූව, මහේෂ් කුමාර ඇතුළු කවි කිවිදියන් පිරිසක් සහභාගි වූහ.

mer-jaffna10 mer-jaffna9

ඔක්තෝබර් 01වැනිදා උදෑසන වැඩසටහන් ආරම්භ වූයේ ‘වෙනසක තාරුණ්‍යය’ සංවිධානය මගින් නිර්මාණය කරන ලද වීදි නාට්‍ය සංදර්ශනයකිනි.

mer-jaffna12 mer-jaffna11 mer-jaffna13

අනතුරුව දකුනු ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂක බාලු මහේන්ද්‍රන්ගේ ‘තරෛමුරෛහල්‘ චිත්‍රපටය නැරඹීමට අවස්ථාව ලැබුණි. සවස 2.00 ට යාපනයෙන් බිහිවූ විශිෂ්ට සිනමාකරුවෙකු වන කේසවරාජන්ගේ ‘අම්මා නල්ලමා’ (අම්මා සුවෙන්ද?) චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරිණි.

එදින සවස 4.00ට ‘යුද්ධය සහ සිනමාව’ මැයෙන් සංවාදයක් පැවැත්වුණු අතර ප්‍රසන්න විතානගේ, කේසවරාජන්, කිං රත්නම් යන සිනමාකරුවන්ද, කේධාරනාදන් සිනමා විචාරකයාද එයට සමාරම්භය සැපයීය. යාපනය විශ්ව විද්‍යාලයේ නාට්‍ය සහ රංග කලාව පිලිබඳ කථිකාචාර්ය රතීධරන් විසින් සංවාද ප්‍රවේශයක් ගත් අතර ඉන් අනතුරුව ප්‍රේක්ෂකයන් ගණනාවක් සංවාදයට දායක විය.

mer-jaffna4 mer-jaffna3 mer-jaffna5 mer-jaffna6 mer-jaffna7 mer-jaffna8

ඉන් පසු සවස 6.00ට කිං රත්නම් විසින් වතුකරයේ ජනතාවගේ ජීවිත වල සැබෑ ඉරණම පදනම් කරගෙන නිර්මාණය කළ ‘කඳුකරයේ දෝංකාරය’ (Echoing Hills) වාර්තා චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරිණි. පසුව ඒ සම්බන්ධයෙන් සිනමාකරුවා සහ රසිකයන් අතර සංවාදයක්ද සිදු විය.

ඔක්තෝබර් 02 වැනිදා උදේ 10.00ට ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ ‘උසාවිය නිහඬයි’ වාර්තා චිත්‍රපටය ප්‍රදර්ශනය කළ අතර ඒ සම්බන්ධයෙන් රසිකයන් සහ විචාරකයන් සහභාගී වූ සංවාදයක්ද සිදු කෙරිණි.

එදින සවස 2 සිට යාපනයේ තරුණ සිනමාකරුවන් නිර්මාණය කළ කෙටි චිත්‍රපට ගණනාවක් ප්‍රදර්ශනය කරන ලදී. ශානිකා චාර්ල්ස්ගේ ‘උයිර්වලි’, තීරුඉත්තියන්ගේ ‘ඉරට්ටරෙයි’, ප්‍රදීපන් රවීන්ද්‍රරන්ගේ ‘A Mango Tree in the Front Yard’, මුල්ලෙයි යෙසුදාසන්ගේ ‘සන්දිප්පු’, නඩරාජා මයුරන්ගේ ‘සාරු’, ප්‍රදීපන් රවීන්ද්‍රරන්ගේ ‘Shadows of Silence’, යසීධරන්ගේ ‘තූන්ඩිල්හල්’ යන කෙටි චිත්‍රපට අද ප්‍රදර්ශනය කෙරිණි.

‘ඒත් අපි පියාඹමු’ සංස්කෘතික උළෙල අවසන් අංගය ලෙස සිංහල, දමිල භාෂා සංගීත ප්‍රසංගය ඔක්තෝබර් 2 වැනි දින සවස ආරම්භ කෙරිණි.

ප්‍රියන් ප්‍රමුඛ ‘යාල් ටියුන්ස්’ සහ කිං රත්නම් ප්‍රමුඛ ‘කිං ඇන්ඩ් ෆ්‍රෙන්ඩ්ස්’ තමිල් භාෂාවෙන්ද, සුදන්ත මාධව ප්‍රමුඛ ‘ස්කිට්සෝ’ සහ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් සිංහල භාෂාවෙන්ද ගීත ගායනා කරන ලදී.

8 5 2

එහිදී යාපනයේ හා දකුනේ තරුණ තරුනියන් එක්ව ප්‍රසංගය රසවින්ද අතර   සිංහල බසින් ගායනා කරන හා තමිල් බසින් ගයන කණ්ඩායම් දෙකක් පළමුවරට එක්ව ගායනා ඉදිරිපත් කිරීමද (‘ස්කිට්සෝ‘ සහ ‘කිං ඇන්ඩ් ෆ්‍රෙන්ඩ්ස්‘) ප්‍රේක්ෂාගාරයට ආශ්වාදජනක නව අත්දැකීමක් විය.