අද ප.ව. 2.15ට පමණ දිවයිනේ ප්‍රදේශ රැසකට බලපාන පරිදි විදුලිය බිඳවැටීමක් සිදු විය. එය නැවත යථා තත්වයට පත් කරනු ලැබුවේ ප.ව. 6.00ට පමණය. බියගම උප පොළෙහි සිදු වූ කාර්මික දෝෂයක් විදුලිය බිඳ වැටීමට හේතු වූ බව විදුලි බල මණ්ඩලය පැවසුවත් එම දෝෂයට හේතුව මෙතෙක් අනාවරණය කර ගෙන නැත.
මේ අතර පසුගිය මාස හයක කාලය තුළ අවස්ථා තුනකදී විදුලිය බිඳ වැටීම හේතුවෙන් එහි වගකීම බාර ගනිමින් තමා ධුරයෙන් ඉල්ලා අස්වන බව විදුලි බල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතා පවසයි. බිඳ වැටීම යථා තත්වයට පත් කළ පසුව සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඇමැතිවරයා වෙත යොමු කරන බවද ඔහු පවසා ඇත.