පසුගිය ආණ්ඩුව පටන්ගත් නිසා ‘සයිටම්‘ වහන්න බැහැ! – උසස් අධ්‍යාපන ඇමැති

වෛද්‍ය උපාධිය අලෙවි කරන මාළඹේ සයිටම් පෞද්ගලික ආයතනය පසුගිය ආණ්ඩුව සමයේ ඇති කළ එකක් බැවින් එය නැති කළ නොහැකි බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල කියයි.

ඊයේ (8) මහාමාර්ග අමාත්‍යාංශයේ පැවැති ජනමාධ්‍ය හමුවකදී සයිටම් ප්‍රශ්නය පිළිබද අදහස් දැක්වූ ඇමතිවරයා එම අදහස පළ කළේය. “දැනට විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට තියෙන එකම ප්‍රශ්නේ සයිටම් එක. වෙන ප්‍රශ්න නැහැනෙ. නමුත් ඒක අපි ඇතිකරපු එකක් නෙවෙයි, සයිටම් කියන්නෙ පසුගිය ආණ්ඩුව කාලෙ ආරම්භ කරපු එකක්. ඒ නිසා කවුරු මොනවා කිව්වත් ඒක ආපස්සට හරවන්න බැහැ. පටන් ගත්තට පස්සෙ ගිය ආණ්ඩුව ඒකෙ උපාධිය පිළි අරන් තියෙනවා. අනික ඒකෙ අවුරුදු පහක්  ඉගෙනගත්ත ළමයින්ට සාධාරණයක් ඉෂ්ට කරන්නත් ඕන. රජයේ අනුග්‍රහයක් ඇතිව පටන් අරගෙන අවුරුදු පහක් ඉගෙනගෙන ඉන්න ළමයි අතහරින්න පුළුවන්ද?”