අපි කියන්නේ ටූ මිලියන් කියලනෙ, ඉතින් මට කෝටි දෙකක් කියවුණා – ගීතා කුමාරසිංහ

geetha-kumarasinghe

මහින්ද පාර්ශ්වයේ පාදයාත්‍රාවට කෝටි දෙකක සෙනගක් පැමිණි බවට කීවේ වැරදීමකින් බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ ඊයේ (8) ගාල්ලේ පැවැති ජනමාධ්‍ය හමුවකදී  පැවසුවාය.

තමන්ට පැමිණි සංඛ්‍යාව ප්‍රකාශ කිරීමේදී සිදු වූ අතපසුවීම ගැන මන්ත්‍රීවරිය එහිදී මෙසේ ප්‍රකාශ කළාය. “ලක්ෂ 20 අපි කියන්නේ ටූ මිලියන් කියලා. ඉතින් ඒක මට කෝටි දෙකක් කියලා කියවුණා. මැයි රැලියේ දී ජනාධිපති ආවම එක ඇමැති කෙනෙක් කිව්වේ ‘ගරු මහින්ද රාජපක්ෂ ජනපති පිළිගන්න‘ කියලා. ඒ විතරක් නෙවෙයි, එක ඇමැති කෙනෙක් උඩ ඉඳන් බලලා කිව්වනේ මීටර් 100ක දුරක් සෙනග හිටියා කියලා. ඒ වගේ දේකට මුළු මාධ්‍යම පෙරළන් කෑ ගහන්න ඕනේ නෑනේ. එක ඇමැති කෙනෙක් කිව්වා 2000ක් 3000ක් ආවා කියලා. ඉතින් අච්චර සෙනගකට එයා එහෙම කියනවානම් මම කෝටි දෙකක් කිව්වාට කමක් නෑ.“