කප්පාදු කළ තොරතුරු දැන ගැනීමේ පනතට අත්සන් තැබීමට කරු ජයසූරියට සිදුවීම

karu

කථානායක ලෙස කරූ ජයසූරිය විසින් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබද පනතට අත්සන් තැබූ බව ජනමාධ්‍ය විසින් වාර්තාකර ඇත.

කතානායක නිල නිවසේදී කරූ ජයසූරිය විසින් එසේ අත්සන් තැබුවේ හෘද සාක්ෂියට එකගවදැයි ප්‍රශ්නයක් මතු වේ. පනතක් පාර්ලිමේන්තුවේදී සම්මත වුවද එය නීත්‍යනුකූලව පනතක් බවට පත්වන්නේ කථානායකවරයා ඊට අත්සන් තැබීමෙන් පසු පමණක් වන බැවින් තොරතුරු දැන ගැනීමේ පනත බලාත්මක වේ. එහෙත් කථානායක ලෙස පත්වන්නට පෙර, විශේෂයෙන්ම රාජපක්ෂ ආණ්ඩුවේ විපක්ෂ මන්ත්‍රීවරයකු ලෙස සිටි පාර්ගිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය විසින් පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙන ආ ‘තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පත‘ පාර්ලිමේන්තුවට ගන්නට එදා රාජපක්ෂ පාලනය විසින් බාධා කරනු ලැබිණි. එසේ කෙරුනේ ආණ්ඩුව විසින් තොරතුරු දැන ගැනීමේ පනතක් ගෙන එන්නට සූදානම් බව පවසමිනි.

එහෙත් 2015 ජනවාරියේ ආණ්ඩුවේ පරාජය සලකුණු කරන තුරුම මර්දනය මින තොරතුරු දැන ගැනීමේ අයිතිය රකින්නට රාජපක්ෂලාට අවශ්‍යතාවක් නොවිනි. ඒ ජනවාරියේ බලයට පත් රාජපක්ෂගේ ඇමැති මණ්ඩලයේ හා එදා කරු මෙන් විපක්ෂයේ සිටි මන්ත්‍රිවරු අද හවුල් ආණ්ඩුවේය. කෙසේ වෙතත් කරු ජයසුරියගේ තොරතුරු දැන ගැනීමේ කෙටුම්පත වෙනුවට සම්මත කෙරුනේ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් වෙනුවට තොරතුරු වාරණයට හේතු සාධක නීතිගත කරනු පිණිස කප්පාදුවට ලක්වූ පනතකි. මාසයක් තිස්සේම කරු ජයසුරිය විසින් කල්පනා කරන්නට ඇත්තේ මේ පනතට අත්සන් කරන එක හිතට එකගව කළ හැකිද යන්නදැයි අපි නොදනිමු. අවසානයේ හිතට එකගව හෝ එකග නැතිව ඔහු අත්සන තබා තිබේ. රාජපක්ෂලා ජනමාධ්‍යෙව්දීන් ඝාතනය කරමින්, ජනමාධ්‍ය ආයතනවලට බෝම්බ ගසමින් තොරතුරු දැන ගැනීමේ  අයිතිය ක්‍රියාත්මක කල බව අපි දනිමු. දැන් හවුල් ආණ්ඩුවෙන් හවුලේ කප්පාදුවට ලක්වූ ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය‘ ක්‍රියාවට නැගෙන ආකාරය ගැන අපි බලා සිටිමු.

Leave a Reply