‘අධ්‍යාපනය විකිණීමට නොවේ – සයිටම් උපාධි කඩය අහෝසි කරනු!‘ තේමාව යටතේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් රට පුරා පවත්වන ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයේ තවත් පියවරක් ලෙස අද (10) දීපව්‍යාප්ත අත්පත‍්‍රිකා බෙදා හැරීමේ ව්‍යාපාරයක් පැවැත්විණි. ඒ අනුව සවස 4.00ට කොළඹ, කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී අත්පත‍්‍රිකා බෙදා හැරීමේ වැඩසටහනට අදාළ ඡායාරූප මෙහි පළ වේ.
‘අධ්‍යාපනය විකිණීමට නොවේ – සයිටම් උපාධි කඩය අහෝසි කරනු!‘ යන සටන්පාඨය රැගත් පෝස්ටර් ව්‍යාපාරයක් ද පසුගිය දිනවල දියත් කෙරිණි. ඊයේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ මූලිකත්වයෙන් අත්සන් කෙරුනු ‘සයිටම්‘ අහෝසි කිරීමට බලකරන විරෝධතා පෙත්සමට ද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයන් විසින් අත්සන් තබනු ලැබිණි.


