මිග් යානා ගනුදෙනුවට අදාළ ප්‍රධාන සාක්ෂ්‍ය ලේඛන අතුරුදන්!

udayanga-weeratunga

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග විරතුංගට චෝදනා ගොනු කරමින් රාජපක්ෂ පාලන සමයේ මිග් යානා ගනුදෙනුවට අදාළව පවතින නඩුවේ ප්‍රධාන සාක්ෂ්‍ය ලේඛන අතුරුදන්ව ඇති බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස නිලධාරින් විසින් අද (9) අධිකරණයට දැනුම් දෙන ලදී.
කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ කැදවූ මෙම නඩුවේදී කරුණු දක්වමින් මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුවූ අක්‍රමිකතා ගැන සෙවීමේදී මෙම ගනුදෙනුවට අදාළ පුමුඛ ලියකියවිලි අතුරුදහන්වී ඇති බව පොලීසිය විසින් ප්‍රකාශ කර ඇත.
මෙම ලේඛන අතුරුදහන්වීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකළ යුතු බව එහිදී මහේස්ත්‍රාත්වරිය පවසා ඇත. මෙම නඩුවට අදාළව සිදුකරන පරීක්ෂණයන්ට අදාළව වගකිවයුතු අය සිටීනම් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා ලෙස විනිසුරු ලංකා ජයරත්න පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කළාය.