2016 ඔලිම්පික් තරගවලදී ලංකා කණ්ඩායම නියෝජනය කරන ප්‍රමුඛතම ක්‍රීඩකයෙකු වන මැතිව් අබේසිංහ පළමු සුදුසුකම් සදහා අද (09) රාත්‍රී 9.30ට පමණ රියෝ ඔලිම්පික් පිහිනුම් දක්ෂතා උරගා බලන්නට නියමිතය.
දකුණු ආසියාවේ වේගවත්ම පිහිනුම් ක්‍රීඩකයා ලෙස ඔහු පසුගිය සාග් තරගාවලියේදී දකුණු ආසියානු වාර්තාවට හිමිකම් ලැබීය. මිටර් 100 නිදහස් ආර ඉසව්වේ රන් පදක්කම මැතිව් විසින් හිමිකරගැනීමෙන් ඔහු ඔලිම්පික් තරගවල පරිසාධන මට්ටමට එක් විය. ලාංකිකයන්ගේ පදක්කම් බලාපොරොත්තුවේ ප්‍රමුඛතම ක්‍රීඩකයෙකු වන්නේ මැතිව් අබේසිංහය.
ලංකා ඔලිම්පික් කණ්ඩායම නියෝජනය කරමින් පිරිමි වායු රයිෆල මීටර් 10 ඉසව්වට තරග කළ මංගල සමරකෝන් ඊයේ (08) එහිදී ඔහුට හිමිවූයේ 50 වැනි ස්ථානයයි. මෙරට ඔලිම්පික් කණ්ඩායම නියොජනය කළ බර ඉසලීමේ ක්‍රීඩක සුදේශ් පිරිස්ටත් සුදුසුකම් ලැබීම වෙනුවෙන් පැවැති අංශයෙන්ම ඉවත්වීමට සිදුවූණා. ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 120ක් එසවීමට තෝරා ගත්තත් ඔහුට අවස්ථා තුනකදිම එම බර එසවීමට නොහැකි වුණා. ජූඩෝ ක්‍රීඩක චාමර ධර්මවර්ධන පිරිමි කිලෝ ග්‍රෑම් 73 පංතියෙන් තරග වැඳුණ අතර එහිදී ඔහුට 16 දෙනාගේ වටයෙන් ඉවතට යෑමට සිදුවුණා.