රුසියාවේ කී‍්‍රඩිකාවන් හතරකට මලල කී‍්‍රඩා තහනමක්

july-8-soccer-ban

පසුගිය ඔලිම්පික් උළෙලේ මීටර් 800 කාන්තා තරගයේ රිදී පදක්කම්ලාභී රුසියාවේ අයරිනා මරචීවා ඇතුළු කී‍්‍රඩිකාවන් හතරකට තරග තහනමක් පැනවීමට එරට මලල කී‍්‍රඩා අතුරු කමිටුව තීරණය කර තිබේ. අයරිනා පසුගිය ඔලිම්පික් උළෙලේදී මීටර් 800 තරගයේ තෙවැනි ස්ථානය දිනාගනු ලැබුවද තරගයේ රන් පදක්කම දිනූ රුසියාවේම යෙලේනා අර්සකෝවා හට තහනම් උත්තේජක චෝදනා එල්ල වීමෙන් පදක්කම අහිමි කළ නිසා පසුව රිදී පදක්කමට හිමිකම් කීමට ඇයට හැකි විය. එනමුත් ඇයද තහනම් උත්තේජක ලබාගෙන ඇති බව සනාථ වීමෙන් මෙලෙස ඇයටද වසර දෙකක තරග තහනමක් පැනවී තිබේ. ඇය සමඟ ඇවිඳීමේ ඉසව්ව නියෝජනය කරන ඇනා ලක්සනෝවා සහ තවත් ධාවන ශූරියන් දෙදෙනකු වන මාරියා නිකොලෝවා සහ යෙලීනා නිකලිනා හට තහනම් උත්තේජක චෝදනා මත වසර හතරක තරග තහනමක් පැනවී තිබේ. රාජ්‍ය අනුග‍්‍රහය මත කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට තහනම් උත්තේජක ලබාගැනීමට සලස්වා ඇතැයි යන චෝදනාව මත පසුගිය නොවැම්බර් සිට රුසියාවට මලල කී‍්‍රඩා තහනමක් පැනවීමට ලෝක මලල කී‍්‍රඩා සංගමය පියවර ගත් අතර තවමත් එම තහනම ඉවත් කරගෙන නොමැත. මෙම තහනමින් පසු රුසියාවේ මලල කී‍්‍රඩා සංගමය විසුරුවා හැරි අතර ඉන්පසු තහනම් උත්තේජක චෝදනා මත කී‍්‍රඩකයන් වෙත රුසියානු බලධාරීන් විසින් පියවරක් ගනු ලැබූ පළමු අවස්ථාව මෙය වේ.