මේ කඳුළු ඇමෙරිකානු මවකගේ. මවගේ නම ජ්වෙල් මිලර්. ඇගේ පුතා වන 19 හැවිරිදි එරීක් ගාර්නර් හට යුක්තිය ඉටු කර ගැනීම සඳහා පෙබරවාරි 24වැනිදා ඇමෙරිකා එක්සත් ජනපද නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට පැවැත්වුණු රැළියකදී මේ ඡායාරූපය ගනු ලැබුවා. එරික් ගාර්නර් 2014 ජුලි 17වැනිදා ‘බදු ලාංඡන නොමැති සිගරට්’ විකිණීමේ චෝදනාවකට පොලිස් අත්අඩංගුවට පත්ව පොලීසිය විසින් ගෙල සිර කිරීම නිසා මිය ගියා. වසර දෙකකට ආසන්න කාලයක් ගතව ඇතත් තවමත් ඔහු වෙනුවෙන් යුක්තිය ඉටුවී නෑ. පොලීසියේ අපරාධ වලට එරෙහිව යුක්තිය ඉටු නොවූ මවුන් සිටින්නේ ලංකාවේ පමණක් නෙවෙයි. කෑදර, ලාභ ගිජු පාලක පන්තියක ආධිපත්‍යය යටතේ රාජ්‍ය ව්‍යුහයන් මෙහෙයවෙන තුරු මෙවැනි කඳුළු ලොව සෑම රටකින්ම දැක ගැනීමට හැකි වේවි.