පිටි මිල ඉහළට

bread

 

ප්‍රීමා පිටි කිලෝවක මිල රු. 7.20කින් ඉහළ දමා තිබේ. ආනයනික තිරිගු මත අලුතින් පනවන ලද බදු හේතුවෙන් මෙලෙස මිල ඉහළ දැමීමට සිදු වූ බව එම සමාගම පවසයි. මේ අනුව පිටි තිරිගු පිටි කිලෝවක මිල රුපියල් 97.20ක් දක්වා ඉහළ යනු ඇත. පිටි මිල වැඩිවීමත් පාන් ඇතුළු සියලුම බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාමට නියමිතය.