தமிழ்
English
Contact
Monday 6th May 2019    
දේශපාලන සිරකරුවකුවට නිදහස | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දේශපාලන සිරකරුවකුවට නිදහස



2011 වසරේදී අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කොට සිටි ප්‍රනාන්දු එමිල්දාස් නමැති දේශපාලන සිරකරුවා පසුගියදා යාපනය මහාධිකරණයේදී නිදහස ලැබීය. චෝදනා ඔප්පු කිරීමට රජය අසමත්වීම නිසා ඔහු නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චේලියන් පියවර ගත්තේය.

2000 වසරේදී අලිමංකඩ හමුදා කඳවුරට එල්ල කළ ප්‍රහාරයට සම්බන්ධවීම ඔහුට එරෙහිව නගා තිබූ චෝදනාවයි.

අත්අඩංගුවට ගැනීමෙන් පසුව වසර තුනක් තිස්සේ පොලිසිය ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇතත් එම ප්‍රකාශවල සඳහන් කරුණු සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කර නැති බවද අනාවරණය විය. එමෙන්ම ඔහුගෙන් ලබා ගත් බව කියන පාපෝච්ඡාරණයේ සඳහන් කරුණු පිළිබඳවද පරීක්ෂණ සිදු කර නැතැයි අනාවරණය වී ඇත.

දේශපාලන සිරකරුවන් බොහෝ දෙනකුගේ තත්වය මෙයයි. ඔහුට එරෙහිව නගා තිබෙන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු නොවන අතර එලෙස පරීක්ෂණ සිදු නොවීම නිසාම ඔවුන්ට දිගින් දිගටම බන්ධනාගාර ගතවීමට සිදුව තිබේ. මේ නිසා කිසිදු සිද්ධියකට සම්බන්ධ නැති, දෙමළ වීම නිසාම අත්අඩංගුවට පත් වූ පුද්ගලයන්ටද බන්ධනාගාරගතව සිටීමට සිදුව ඇත.