පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික, ප්‍රේමකුමාර් ගුණරත්නම් විසින් 2016 මාර්තු 24 වැනිදා කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සිදුකළ ප්‍රකාශය
ගරු විනිශ්චයකාරතුමනි,
කෑගල්ල නගරයේ ඉපදුන කෙනෙක් වුණත් විදේශිකයකුට වගේ මට වීසා කාලය ඉකුත් වී රැඳී සිටින පුද්ගලයකු ලෙස චෝදනා නගා තිබෙනවා.
අපේ නිවස ඉදිරිපසට ගියාම මට පේනවා. කෑගල්ල පොදු සුසාන භූමිය. ඒ කෑගල්ල පොදු සුසාන භූමියේ මගේ පියාගේත් තවත් සමීප ඥාතීන් රැසකගේත් සිරුරු තැන්පත්ව තිබෙනවා. මගේ නිවස පිටුපසට ගියාම දක්නට ලැබෙන කොළඹ නුවර මාර්ගය අසල රෝමානු කතෝලික සුසාන භූමිය පිහිටා තිබෙනවා. එහි මගේ පියාගේත් ඔහුගේ ඥාතීන්ගේත් සොහොන් කොත් දකින්නට ලැබෙනවා. අප නිවසේ සිට කෑගල්ල නගරයට පාගමනින් පැමිණෙන විට කෑගල්ල කඳු ගැටය පසෙකින් මා පාසල් ගිය ශාන්ත මේරි විද්යාිලය හමුවෙනවා. මගේ මවගේ සහෝදරයන් සහ මගේ පියාගේ සහෝදරයන් පාසල් ගියේ එම පාසලටමයි. පාරේ දකුණුපසින් මගේ මව, මගේ සහෝදරියන්, පියාගේ සහෝදරියන් පාසල් ගිය ශාන්ත ජෝසප් බාලිකා විද්යායලය පිහිටා තිබෙනවා. මා උපන් නගරයේ මගේ නිවෙසේ දී අත්අඩංගුවට ගැනීමෙන් පසුව පොලිසිය විසින් විදේශිකයෙකුට මෙන් වලංගු වීසා නොමැති කම සම්බන්ධයෙන් මට චෝදනා නගා තිබෙනවා. මේ තත්වයට හේතුව ලෙස මා විශ්වාස කරන්නේ මේ රටේ පවතින පරේබනජාතන්තරබෙන විරෝධී තත්වයයි. මෙවැනි චෝදනා ඉදිරපත් වීමට පසුබිම් වන තත්වය විස්තර කරන්න මට අවස්ථාව දෙන්න.
මේ මගේ රට, මේ මා හැදී වැඩුනු නගරය, ඒ නිසයි මා ආරම්භයේදීම පරිශ්කාශ කළේ මා ඉපදුණු නගරයේ මා ඉපදුණු නිවෙසේදීම අත්අඩංගුවට ගැනීම ගැන. කෑගල්ල පොලිසිය මගින් විදේශිකයකුට එල්ලවන ආකාරයෙන් වීසා බලපතරුවටයක් රහිතව රැඳී සිටීම යන චෝදනාව එල්ල වෙන්නේ, මේ රටේ දේශපාලනයේත් මේ රටේ දේශපාලනයේ පරසා ජාතන්තරරයක විරෝධී ස්වභාවය නිසා යැයි මා විශ්වාස කරනවා. මට මෙවැනි චෝදනාවක් එල්ලවෙන්න බලපා ඇති තත්වයට පසුබිම් වූ කාරණා කෙටියෙන් හෝ ප්‍රකාශ කිරීමට මා අවසර ඉල්ලා සිටිනවා.
ගරු විනිශ්චයකාරතුමනි,
මා දේශපාලනයට පිවිසුනේ 1981 වසරේ කෑගල්ල රඹුක්කන පින්නවල මධ්‍ය මහා විද්‍යාලයේ අධ්යාාපනය ලබමින් සිටින විට. උසස් පෙළ අධ්යාපනය ලබමින් සිටින විට. මම වාමාංශික දේශපාලනයට පිවිසෙන්නේ කෑගල්ල පින්නවල මධ්යන මහා විද්යාලයේදීමයි. පසුව 1985 පේරාදෙණිය විශ්වවිද්යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුළු වීමෙන් පසු මාගේ පර පමුඛ තේරීම වූයේ වෘත්තීය දේශපාලනය. වාමාංශික දේශපාලනය වෘත්තීමය වශයෙන් පවත්වාගෙනයාමයි මාගේ මූලික තේරීම වුණේ. එතැන් පටන් අඛණ්ඩව මේ දක්වා මා වාමාංශික දේශපාලනයේ පූර්ණකාලීනව වෘත්තීමය වශයෙන් යෙදී ඉන්නවා. මම දේශපාලනයට පිවිසුණු පසුබිම එක්තරා ආකාරයකට මා මුහුණ දී තිබෙන මේ පරවශයශ්නයත් එක්ක සම්බන්ධයක් තියෙනවා. මා විශ්වාස කරන ආකාරයට මගේ ප්‍රශ්නය එහෙම නැත්නම් මට ඉදිරිපත්වී තිබෙන චෝදනාව, මට මේ ගරු අධිකරණයේදි පොලීසිය විසින් ඉදිරිපත් කරල තියෙන චෝදනාවයි. ඒ මගේ ප්‍රශ්නය, දේශපාලනය කිරීමට මට ඇති අයිතිය, මෙරට පුරවැසියෙක් ලෙස මට ඇති අයිතිය, මට මෙහි ජීවත් වීමට ඇති අයිතිය යන මේවා මෙරට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයක්. ඒක දේශපාලනය සම්බන්ධ ප්‍රශ්නයක්. ඉතින් ඒ මා දේශපාලනයට ප්‍රවේශ වුණු වකවානුව, විශ්වවිද්යාල අධ්‍යාපනය ලැබූ 1985 1986 වකවානුව, මෙරට ප්‍රජාතන්ත්‍රවාදය බරපතල ලෙස පරථක ශ්න කිරීමට ලක්වූ වකවානුවක්.
එදා 1977 එක්සත් ජාතික පක්ෂ රජය බලයට පත්වුණා හයෙන් පහක බලයක් සහිතව. 1978 විධායක ජනාධිපතිධුරයක් හඳුන්වාදුන්නේත් මහජන ඡන්දයකින් නෙවෙයි. අපි දන්නවා ඉන් පසු ගෙවුණු කාලය 1981 උතුරේ සංවර්ධන සභා ඡන්ද කොල්ලය 1981 යාපනය පුස්තකාලය ගිනි තැබීම මෙමගින් ජාතිවාදී යුද්ධයකට රට ඇද දැමීම. එදා ඒ දුර්දාන්ත පාලනය විසින් ඒවා සිදු කරනු ලැබුවා. 1982 පවත්වන්නට නියමිත වූ මහ මැතිවරණය පැවැත්වුවේ නෑ. 1977 ලබාගත් ජනවරම කුමන්ත්‍රණකාරී ලෙස පාවිච්චි කරලා නැවතත් වසර 6ක් පාර්ලිමේන්තු කාලය දිගු කරගත්තා. ඒ නිසා ඒක එක්තරා ආකාරයක පරනු ජාතන්තරෙස විරෝධී ආණ්ඩුවක් විතරක් නෙවෙයි. නීති විරෝධී එකක්. මා වාමාංශික දේශපාලනයේ නිරත වූ පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, 1983 කලූ ජූලියට මුවා වෙලා තහනම් කළා. කලූ ජූලියට කිසිදු සම්බන්ධයක් නොමැති අපේ පක්ෂය තහනම් කරලා අපේ පක්ෂයේ නායකයන් අත්අඩංගුවට ගන්න ඝාතනය කරන්න නියෝග නිකුත් කළා. මේක තමයි එදා තිබුණු තත්වය. ඉතින් එදා ඒ දේශපාලන වටපිටාව ඇතුලේ තමයි මේ දේශපාලන ක්‍රියාකාරීත්වය සිද්ධවුණේ. මගේ දේශපාලන ක්‍රියාකාරීත්වය එක්තරා ආකාරයක. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වැලලී තිබුණු මොහොතක ඒ ප්‍රජාතන්ත්‍රවාදය එක්තරා ආකාරයකට දිනාගැනීමට සිදුවූ අරගලයක් හා සම්බන්ධයි. අපි දන්නවා 1987-1988 වකවානුවේ රට බරපතල සිවිල් යුධ තත්වයකට ඇද දමලා තිබුණා. එක පැත්තකින් 1983 උතුරේ යුද්ධය වඩා තියුණු අඩියකට පත්ව තිබුණා වගේම දකූණේත් සිවිල් යුධ තත්වයක් තිබුණා. ඒ සිවිල් යුධ තත්වය මතු වෙන්න හේතුවෙලා තිබුණු පරා වධාන හේතුව, එදා පැවැති එක්සත් ජාතික පක්ෂ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය. නීති විරෝධී පාලනයකට එරෙහිව නැගී සිටි ජනතාව මර්දනය කළා. එදා අපි දන්නවා අපේ ආදරණීය රෝහණ විජේවීර සහෝදරයා වගේම අපිත් එක්ක එකට වැඩ කරපු සහෝදර සහෝදරයන් පිරිසක් ජීවිත පරිත්යාේග කළා. ඔවුන්ගේ ජීවිත එදා ඒ දුර්දාන්ත පාලනය විසින් ඩැහැගත්තා. අපේ පක්ෂයේ ආදරණීය නායකයා රෝහණ විජේවීර සහෝදරයා. ගමනායක සහෝදරයා. වගේ සහෝදර සහෝදරියන් පිරිසක් එදා ඒ දුර්දාන්ත පාලනය විසින් ඝාතනය කළා. අදටත් ඒ පිළිබඳව පරීක්ෂණ නෑ. අදටත් ඒ පිළිබඳව යුක්තිය ඉෂ්ඨවෙලා නෑ. අදටත් ඒ පිළිබඳව කොමිෂන් සභා පත්කිරීමක් වෙලා නෑ. වසර 26 කට පසුවත් මේ සම්බන්ධව යුක්තිය ඉෂ්ඨවෙලා නෑ.
ඉතින් එදා මම කළින් පැහැදිළි කළා වගේ මගේ ඥාතීන් මගේ පියා මගේ සහෝදරයන් මේ භූමිය තුළ අප දන්නා තැනෙක වැලලිලා ඉන්නවා වගේම වාමාංශික දේශපාලනයේ යෙදී ජීවිතය පරිත්යාුග කළ මගේ ආදරණීය වැඩිමහල් සහෝදරයා රංජිදන්ගේ භෂ්මාවිශේෂ මේ රටේ අපි නොදන්නා තැනක ඇති. ඒ පැවැති පරරණ ජාතන්තරදන් විරෝධී පාලනය මගේ සහෝදරයාගේ ජීවිතය උදුරාගත්තා. අහම්බෙන් මගේ ජීවිතේ බේරුණා. මගේ ජීවිතේ බේරගන්න මහන්සි වූ මාත් එක්ක එකට අධ්‍යාපනය ලැබූ බන්දුල දිසානායක සහෝදරයා පසුව ඝාතනය වුණා. එතකොට මේක තමයි මගේ දේශපාලන ඉතිහාසය තුළ මගේ දේශපාලන පරතය වේශය. එතකොට මේ දේශපාලන පර. වේශයත් මට අද එල්ලවෙලා තියෙන චෝදනාත් අතර සමීප අවියෝජනීය සම්බන්ධයක් තියෙනවා කියලයි මම විශ්වාස කරන්නේ.
මට ඇයි විදේශගතවෙන්න සිදුවුණේ. මේ කාරණය කෙටියෙන් හෝ පැහැදිළි කරන්න අවස්ථාව දෙන්න. යන්තම් දිවිගලවා ගත් අපි කිහිපදෙනෙකුට ජනතා විමුක්ති පෙරමුණ යළි ගොඩනැගීමේ වගකීම පැවරුණා. එදා 1989 අරගලයෙන් පස්සේ ඒ ඇතිවූ මහා ධවල භීෂණයෙන් පස්සේ නැවත වරක් සමාජවාදය ගොඩනැගීමට වාමාංශික ව්‍යාපාරයක් ගොඩනැගීමේ වගකීමට උරදෙන්න අපි කිහිපදෙනෙකුට සිද්දවුණා. අපිට සිදුවුණා, වම පිළිබඳ විශ්වාසය සමාජය තුළ ඇති කරන්න. මාක්ස්වාදියකු ලෙස මා දකින ආකාරයට මේ ධනේ්ශ්වර රාජ්‍ය මේ පවතින සමාජ ආර්ථික ගැටලූ විසඳීමට හැකියාවක් නෑ. ජාතිවාදය පරාජය කිරීමට හැකියාවක් නෑ. මේ අසමානතාවය පරාජය කිරීමට හැකියාවක් නෑ, ඒ නිසා ඒ සඳහා තිබුණු විශ්වාසය අපිව පෙළඹවූවා අලූතින් පටන්ගන්න. ඒ වගේම ලෝක සමාජවාදී ව්‍යාපාරය බිඳවැටිලා. සෝවියට් දේශය බිඳවැටිලා නැගෙනහිර යුරෝපා සමාජවාදය බිඳවැටිලා සමාජවාදය ගැන විශ්වාසය බිඳවැටිලා තිබුණු වෙලාවක ඒ අමිහිරි අත්දැකීම්වලින් පාඩම් ඉගෙනගෙන ඒ ගැන සිදු කරන ලද ගැඹුරු අධ්‍යයනයක ප්‍රතිඵලයක් ලෙස නැවත සැරයක් නිවැරදි වමේ ව්‍යාපාරයක් වෙනුවෙන් පක්ෂය යලි ලාංකීය සමාජය තුළ තහවුරු කරන්න. ඒ වගේම අපිත් එක්ක අතිනත ගෙන අපිත් එක්ක එකට අරගලයේ යෙදුණු අපිත් එක්ක එකට අරගලයේ යෙදිලා මියගිය අපේ සහෝදර සහෝදරියන්ගේත් හෘදසාක්ෂිය හා අපේ හෘදසාක්ෂිය ඒකාබද්ධ වීමෙන් අපිට මේ වගකීමෙන් මොන විධියකටවත් පැන යන්ට පුළුවන්කමක් තිබුණේ් නෑ.
ඒ නිසා අපි එදා 1994 දී අද අපේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක සහෝදරයාත් මාත් මෑතකදී මියගිය ‘සෙනෙවි’ නමින් අපි හැඳින්වූ කමල් දේශපාලනය සහෝදරයාත් තවත් කිහිපදෙනෙක් එකතුව අපිට නැවත ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමේ වගකීම පැවරුණා එතැන් පටන් 1994 සිට පහුගිය 2011 සැප්තැම්බර් මාසය දක්වා අපි පක්ෂයේ සියලූම ක්‍රියායාවලීන්ට දායක වුණා. 1994 මහ මැතිවරණයට ඉදිරිපත් වුණා. ජනතා විමුක්ති පෙරමුණ නැවත වරක් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට විවෘත දේශපාලන ප්‍රවාහයට ගෙනඒම සඳහා කටයුතු කළා. 1997 පලාත් පාලන මැතිවරණය, 1999 ජනාධිපතිවරණය, 2000 මහ මැතිවරණය, 2001 මහ මැතිවරණය, 2003 එක්සත් ජනාතා නිදහස් සන්ධානය ගොඩනැගීම, 2004 මැතිවරණය, 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපති කරවීමේ ජනාධිපතිවරණය, මේ සෑම සියලූ කාරණයකදීම මම ඊට නායකත්ව කාර්යභාරයක් ඉටු කළා. ජවිපෙ ගොඩනැංවීමේ මූලික කමිටුවෙත් ඉන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයත් මා අඛණ්ඩව නියෝජනය කළා. ඉතින් මා මේ ඉතිහාසය සැකෙවින් හෝ කියන්නේ මට විදේශගතවෙන්නට බලපාපු හේතු, මට ඇති වූ ජීවිත තර්ජනයත් මට කියන කාරණය සනාථ, කරන්න. 2006 වසර අපේ පක්ෂයේ තීරණාත්මක සංධිස්ථානයක් වුණා. 2001 පරිවාසයත් 2004 එක්සත් ජනතා නිදහස් සන්ධානය ගොඩනැගීම පිලිබඳ සමාලෝචනය කරමින් අභ්‍යන්තර විවාදයක් පැනනැගුණා.
වාමාංශික ව්‍යාපාරයක් ලෙස කටයුතු කරනවාද නැත්නම් තවත් ප්‍රධාන පක්ෂවලට සම්බන්ධ වෙමින් ආණ්ඩු පිහිටවන්න උත්සහ කරනවාද කියන එක පිළිබඳ බරපතල විවාදයක් පැනනැගුණා. මේක 2004 සිට පැන නැගුණු විවාදයක් මේක උච්චස්ථානයකට පත්වූණේ 2006දී. විශේෂයෙන්ම 2004 අපි ගොඩනගපු ආණ්ඩුවෙන් 2005 වසරෙදි අපි ඉවත්වුණා. ඒ ඉවත්වුණයින් පසුව එක පැත්තකින් ඒ ඉවත්වීමේ අරගලයකට මම නායකත්වය දුන්නා. 2005 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපති වූවායින් පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව හා සම්බන්ධ වීමට පක්ෂය තුළ ප්‍රවණතාවයක් පැණනැගුණා. නැවත වරක් පක්ෂයේ පිරිසක් මතුකළ ඒ අදහසට මා එරෙහිවුණා. පක්ෂයේ සැලකිය යුතු පිරිසක් මධ්යීම කාරක සභාවේ, දේශපාලන මණ්ඩලයේ බහුරතයක් ඊට එරෙහිවුණා. මෙහ ප්‍රතිඵලයක් ලෙස එතෙක් පක්ෂය පවත්වාගෙන ආ පක්ෂයේ සංස්කෘතිය බරපතල ලෙස බිඳ දමනු ලැබුවා.ති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ජවිපෙ එක්වීමට එරෙහිවන්නේ කුමාර් ගුණරත්නම් ඇතුලූ පිරිසක්ය යන කාරණය, පසුව මහින්ද රාජපක්ෂ හා එක්වූ පක්ෂයේ සිටි නායකයන් කිහිපදෙනෙක් දන්වා තිබුණා. එය පක්ෂයේ පවත්වාගෙන ආ සංස්කෘතියේ බිඳවැටීමක්. පසුගාමීත්වයට ඇදවැටීමක්. එතැන්පටන් මා මහින්ද රාජපක්ෂ පාලනයේ ඉලක්කයක් බවට පත්වුණා. මේක තමා මෙම සිදුවීම වුණේ 2006 වසරේ රට හැරදාලා යන්න සිදුවුණ කාරණය. ඒ තීන්දුව එදා ගත්තේ ජනතා විමුක්ති පෙරමුණෙන්. පක්ෂයේ තීන්දුවකට අනුව මමත් මගේ ආදරණීය බිරිඳත් දරුවනුත් විදේශගතවෙන්න තීරණය කළා.
ගරු විනිශ්චකාරතුමනි,
ඒ විදේශගතවීම මා නියුක්තව සිටි වාමාංශික දේශපාලනය අතර තියෙන්නේ ඉතාම සමීප සම්බන්ධතාවයක්. ඒ නිසා අද මට විදේශිකයකුට එල්ලවන ආකාරයේ චෝදනාවක්. වලංගු ගමන් බලපතරතා යක් නොමැතිව රැඳී සිටීමේ යන චෝදනාවක්. ඊට අදාළ දේශපාලන හේතුව මෙය බවයි මගේ විශ්වාසය. ඉතින් මට තිබුණු ජීවිත තර්ජනය තහවුරු වෙනවා, 2012 වසරේදී අප්‍රේල් හත්වැනිදා මහින්ද රාපක්ෂ පාලනය නීති විරෝධී ඝාතක කණ්ඩායමක් විසින් මාව පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට උත්සාහ දැරීමෙන්. මා මරා දැමීමට ගත් උත්සහය ව්‍යාර්ථ වූ තැන. ඒක අසාර්ථක වෙච්ච තැන. ජාතිකව හා ජාතයන්තරව ගොඩනැගුණු විරෝධය නිසා ඔවුන්ට සිදුවුණා මාව ඔස්ට්රේලියාවට පිටුවහල් කරන්න. නමුත් මේ තත්වයට හේතුව තමයි එදා 2006 දී මතු වුණු ජීවිත තර්ජනය.
කෙනෙක් ප්‍රශ්නයක් අහන්න පුළුවන්, ජනතා විමුක්ති පෙරමුණේ හෝ තවත් දේශපාලන පක්ෂයක අභ්යීන්තර දේශපාලන ප්‍රශ්න කොහොමද රටට අදාළ වෙන්නේ කියලා. කොහොමද රටේ ජනතාවට අදාල වෙන්නේ. ඉතිහාසයට අදාළ වෙන්නේ. රටේ ජනතාවගේ ප්‍රශ්නවලට අදාළ වෙන්නේ. මා විශ්වාස කරනවා පක්ෂයක අභ්‍යන්තර දේශපාලන සංවාද ඒ රටේ ජීවත් වන ජනතාවට අදාළයි. ඒ රටේ ඉතිහාසයට අදාළයි. ජනතා විමුක්ති පෙරමුණ මෑත ඉතිහාසයේ ගන්නා ලද තීන්දු තීරණ ක්‍රියාමාර්ග උපාය උපක්‍රම මේ රටේ ජනතාවට අදාළයි. මේ රටේ දේශපාලනයට අදාළයි. මේ රටේ ඉතිහාසයට අදාළයි. උදාහරණයක් ලෙස 2004 එක්සත් ජනතා නිදහස් සන්ධානය ගොඩනැගීම මේ රටේ ඉතිහාසයට බොහොම තීරණාත්මකව බලපෑව. සමහරවිට මේ ගන්නා තීන්දු තීරණ ධනාත්මක විය හැකියි. නිශේධනාත්මක විය හැකියි. දෙපාර්ශ්වයෙන්ම මේ දිහා බලන්න පුළුවන්. නමුත් ඒ ගන්නා තීන්දු තීරණ, රටේ ජනතාවට අදාළයි, රටේ දේශපාලනයට අදාළයි. අපි ඈත අතීතයට ගියොත් 1971, 1988-89 යන රටේ ධවල භීෂණයක් මුදාහැරිය වකවානුව අපි අතිනුත් අඩුපාඩු සිදුවුණා, වැරදි සිදුවුණා. ඒ කාලේ දිහා හැරිලා බැලූවොත් අපි ගත්ත තීන්දු තීරණ රටේ ජනතාවට රටේ ඉතිහාසයට අදාළයි. ඒ නිසා අපි කියනවා අපේ අභ්‍යන්තර දේශපාලන විවාද 2004 ආරම්භ වෙලා 2006 වසරේ බොහොම තීරණාත්මක සංධිස්ථානයකට ආපු ඒ විවාදය මේ රටේ දේශපාලනයට අදාළයි.
ගරු විනිශ්චයකාරතුමනි.
2006 මතු වූ දේශපාලන විවාදයේ පරවාදතිඵලයක් ලෙස පක්ෂයේ පිරිසක් මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට එකතුවුණා. ඇමතිකම් ලැබුවා. විවිධ වරපරක් සාද ලබාගත්තා. ඔවුන් වාමාංශික දේශපාලනය, සමාජවාදය පිළිබඳ විශ්වාසය අත්හැරියා. ඔවුන්ගේ වර්තමාන ක්‍රියාකරකම් දිහා බැලූවත් ඒ බව පෙනෙනවා. ප්‍රධාන පක්ෂ දෙකට වරින්වර එකතුවෙලා ආණ්ඩු ගොඩනැගීමේ ක්‍රියාදාමය, මාක්ස්වාදී භාෂාවෙන් කියනවා නම්, ධනේශ්වර පක්ෂවලට එකතුවෙලා ආණ්ඩු හැදීමේ මේ ව්‍යායාමය මුලූමනින්ම අවසන් වුණේ නෑ. ඒක දිගටම පැවතුණා. ඒ නිසා 2011 වන තුරුම විහිදීගිය දේශපාලන සංවාදයක් බවට මෙය පත්වුණා. ඒ නිසා අවස්ථා කිහිපයකදී ලංකාවට පැමිණෙමින් දේශපාලනයේ නිරතව සිටි මා 2011 සැප්තැම්බරයේ නැවත ලංකාවට පැමිණියා. මෙහිදී පක්ෂ අභ්‍යන්තරව මතුවෙලා තිබුණු දේශපාලන විවාදය බොහොම උච්ච ස්ථානකට පත් වෙලා තිබුණු කාලයක්. බහුතරයක් සහෝදර සහෝදරියන් මගෙන් ඉල්ලීමක් කළා නැවත මේ පක්ෂයට සජීවීව සම්බන්ධ වී පක්ෂයේ මතුවෙලා තියෙන මේ අර්බුදය විසඳලා දෙන්න කියලා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි 2011 සැප්තැම්බර් 23 වෙනිදා මම ලංකාවට පැමිණෙන්නේ. ජීවිත අවදානමක් තිබුණා. ජීවිත අවදානම නොතකා මම ලංකාවට පැමිණියා. මාක්ස්වාදියකු වශයෙන් කොමියුනිස්ට්වාදියකු වශයෙන් සමාජවාදය සහ කොමියුනිස්ට්වාදය ලෝක වාසී ජනාතාවගේ සෑම සියලූ සමාජ ආර්ථික පරයුනශ්නයකටම විසඳුම වශයෙන් විශ්වාස කරන ක්‍රියාධරයෙකු වශයෙන් එවැනි අභියෝගයක් එවැනි අවදානමක් ගැනීමට මා මොහොතක්වත් පසුබට වුණේ නැ. අනෙක් පැත්තෙන් ජනතාවගේ දේශපාලන අරමුණු වෙනුවෙන් ඔවුන්ගේ සමාජ ආර්ථික ගැටලූ විසඳීම වෙනුවෙන් මැදිහත්වීමෙදි මා විශ්වාස කරන්නේ මාගේ අනන්යණතාවය හෝ කුමන නමකින් පෙනී සිටින්නේද යන්න ද්විතීක කාරණයක්. ඒ නිසා 2011 සැප්තැම්බර් මාසයේදී මා ලංකාවට පැමිණියේ පක්ෂයේ මතුවෙලා තිබුණු මෙම අර්බුදය වඩා තිවරශ. වන්නට ඉඩ නොදී වඩා යහපත් ආකාරයකට විසඳා ගැනීමට. නමුත් එය පූර්ණ වශයෙන් සාර්ථක වුණේ නෑ. අවසාන පරර වතිඵලය වුණේ අපට නව වාමාංශික ව්යාමපාරයක් ගොඩනැගීමට සිදුවීම. ඒ පෙරටුගාමී සමාජවාදී පක්ෂය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය ගොඩනගපු 2011, 2012 වකවානුවේ මා ලංකාවේ රැඳී සිටියා. එහිදී සිදු වු දේ තමයි එක පැත්තකින් අපට එරෙව නව ව්‍යාපාරයට එරෙහිව දැවැන්ත අවලාද ව්යාේපාරයක් ගෙනිච්චා. රාජ්‍ය මාධ්‍ය සමහර පෞද්ගලික මාධ්‍ය යොදාගනිමින් මේ අවලාද ව්‍යාපාරය ගෙන ගියා. නැවත සන්නද්ධ අරගලයකට සූදානම් වන බවත් මගේ තමිල් අනන්‍යතාව නැවතවරක් එල්ටීටීඊ ව්‍යාපාරයට සම්බන්ධ කරමින් තමිල් ඩයස්පෝරා එකත් එක්ක එකතු වී නැවත සන්නද්ධ අරගලයට සූදානම් වනවා වැනි දේ පරයා චාරය කළා. එහි අරමුණක් තිබුණා. එහි දේශපාලන ඉලක්කයක් තිබුණා.
ගරු විනිශ්චයකාරතුමනි,
මෙහි ඇති ආකර්ශනීය කාරණය තමයි, අර පක්ෂයෙන් පලා ගොස් මහින්ද රාජපක්ෂ සමග එකතුවුණු පිරිසත් ජනතා විමුක්ති පෙරමුනේ නිල නායකත්වයේ සිටි පිරිසත් රාජ්යා බුද්ධි අංශ ඔත්තු සේවා සහ නිල නොවන සන්නද්ධ කණ්ඩායමුත් එක්ව මේ අවලාද මෙහෙයුම කරිිසතයාත්මක කළා. අලූත ගොඩනැගුණු ස්වාධීන වාමාංශික ව්‍යාපාර පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලත තැන ලොප් කිරීමේ අරමුණක් එහි තිබුණා. එදා 2011 අපේ ව්යාපාරය ආරම්භ කරද්දී මෙවැනි අවලාද ව්‍යාරපාර ගොඩනැගීමේ අරමුණ වුනේ නව වාමාංශික ව්යාපාරය ආරම්භයේදීම තලා පෙලා දැමීම. එයට වැරදි අර්ථනිරූපනයක් ලබා දීම. මා මෙහිදී සඳහන් කළා වගේම මගේ තමිල් අනන්‍යතාවය යොදාගෙන යුද්ධයෙන් පසුව රටේ නිර්මාණය වී තිබු යම් යම් ප්‍රණතාවයන් යොදා ගනිමින් අපේ වාම ව්‍යාපාරය ජනතාවගෙන් ඈත් කර දැමීම සහ අවශ්‍ය ඕනෑම වෙලාවක අප පක්ෂයට එරෙහිව ප්‍රචණ්ඩත්වය යොදා ගැනීමට අදාළ තර්කානුකූල පසුබිම සකස් කිරීම අවසාන අරමුණක් ලෙස තිබුණා. 2011 දෙසැම්බර් 09 වෙනිදා දෙසැම්බර් 10 වෙනිදා යාපනේ පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වීමට සූදානම්ව තිබුණා. දෙසැම්බර 09 යාපනේ අප පක්ෂයේ පූර්ණකාලීන දේශපාලනයේ නිරතව සිටි ලලිත් කුමාර් වීරරාජ්, කුහන් මුරුගානන්දන් සහෝදරවරු දෙදෙනා අතුරුදන් කළා. අපි දන්නවා, 2009 යුද්ධය අවසන් කරලා ඒ වෙනකොට එල්ටීටීඊ සංවිධානය පරාජය කරලා සන්නද්ධ බලයක් ස්ථාපිත කරලා තිබුණේ. යම් පරවෙ චණ්ඩත්වයක් රටේ යම් තැනක සිදුවෙනවා නම් එහි වගකීම පූර්ණ වශයෙන් එදා පාලක කණ්ඩායම විසින් භාරගත යුතුයි.
මා මුලදී පැහැදිළි කළා වගේම අප පක්ෂයට එරෙහිව අප පක්ෂය මර්දනය කිරීම සඳහා අවශ්‍ය පරිසරය සකස් කරමින් ඒ ආරම්ක පියවර ලලිත් සහ කුහන් සහෝදරවරුන්ගේ ජීවිත වලින් ගත්තා. ඊට පස්සේ කරය සමානුකූළව මා පිළිබඳවත් අපේ පක්ෂයේ සහෝදර සහෝදරියන් පිළිබඳවත් විවිධාකාර රහස් ඔත්තු සේවා සහ විවිධ පුද්ගලයන් අපව හඹාගෙන එද්දී එහි තර්කානුකූල අවසානය ලෙස 2012 අප්‍රේල් 07 වෙනිදා පාන්දර මාවත් කිරිබත්ගොඩදී පැහැරගත්තා. මේක තමයි ඒ ක්‍රියාවලියේ ගලායාම. රාජපක්ෂ පාලනය රටේ තිබියදී 2006දී මා රටින් පිටවීම සඳහා බලපාපු ජීවිත තර්ජනය සමානව නැවත වරක් මා ඒ අත්දැකීමට නැවතවරක් මුහුණ දුන්නා. නමුත් ජාතිකවත් ජාත්යපන්තරවත් පැනනැගුණු විරෝධයන් විවිධ ප්‍රගතිශීලී සංවිධාන, මාධ්යි සංවිධාන, වාමාශික පක්ෂ හා විවිධ පුද්ගලයන් සිදු කරන ලද මැදිහත්වීමත් ඔස්ටේර විලියානු රජය සිදු කළ මැදිහත්වීමත් ඕස්ටේරලියානු මහකොමසාරිස් කාර්යාලය සිදු කළ මැදිහත්වීමත් හේතුකොටගෙන මගේ ජිවිතය රැුකුණා. පැහැරගැනීමෙන් පස්සේ මම දන්නෑ මම කොහෙද හිටියේ කියලා. මම දන්නෑ කොහෙටද මාව ගෙනගියේ කියලා. ඒත් මම දන්නවා ඒ කොළඹ අවට ස්ථානයක් බව. විනාඩි 20-30 ඇතුලත මා ස්ථාන දෙකකට මාරු කළා. ඉතින් අවසානයේදී නීතිවිරෝධී ඝාතන කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් මරා දැමීමට උත්සාහ කළ මා රටේ ජාත්යසන්තර ගුවන්තොටුපොලින් පිටුවහල් කර හැරියා. මේ අවස්ථා සම්බන්ධය විසඳන්නේ කවුද? මේ ප්‍රහේලිකාව විසඳන්නේ කවුද? අත්අඩංගුවට ගත්ත කෙනෙක් නෑ. හැබැයි රටෙන් පිටමන් කරන්න ශරිේාර ලංකාවේ පොලිසිය මැදිහත් වෙනවා. ඒක සිද්දවෙන්නේ මෙහෙමයි. ඇස් බැඳලා අප්‍රේල් 09 වෙනිදා රාතරීරි 10 ට පමණ දෙමටගොඩ අපරාධ කොට්ඨාශයේ පොලිසියට භාරදෙනවා එතැන් පටන් නීතිමය කක්‍රියාමාර්ග ආරම්භ කරනවා. එතැන් පටන් තමයි ඕස්ට්රේලියානු මහකොමසාරිස්තුමිත් දේශපාලන ලේකම්තුමියත් එතැනට පැමිණ කටුනායක ගුවන්තොටුපොල දක්වා ගෙනගොස් මාව පිටුවහල් කිරීමේ කටයුත්ත සිදු කරන්නේ.
මෑතකදී හිටපු ආක්ෂක ලේකම් මේ සම්බන්ධ අපූරු ප්‍රකාශයක් කළා. ඔහු ඒ දවස්වල කිව්වේ ‘අපි මේ ගැන දන්නෑ’ කියලා. නමුත් මම කෑගල්ල බන්ධනාගාර සිරමැදිරියේ රූපවාහිනිය ප්‍රවෘත්ති විකාශය නරඹමින් සිටියදී මා දැක්කා අන්තර්ජාලයේ පටිගත කරන ලද ප්‍රකාශයක් එක් නාලිකාවක විකාශය කළා. එහිදී ඔහු පැවසුවේ මා රැඳී සිටි කිරිබත්ගොඩ නිවෙස අසල සිටි අය මෙහෙම පුද්ගලයෙක් එන යන බව කිව්වා, ඔහු අත්අඩංගුවට ගත්තා කියලා. එතකොට අත්අඩංගුවට ගත් පොලිසියක් ලේඛනයක් නීතිමය ක්‍රියාවලියක් මොකුත්ම නෑ. ඒ විතරක් නෙවෙයි ඔහු තව දෙයක් ප්‍රකාශ කළා. සිදු කරන්න ඕන කරලා තිබුණු ප්‍රකාශය එයයි. මෙය අහම්බෙන් කියවුණ කතාවක්. වැරදීමෙන් කියවෙච්ච දෙයක් මා මුලින් පරන කාශ කළේ. ඔහුට කියන්න ඕන වෙලා තිබුණේ ඒ වෙලාවේ ඔහුට ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායකයා උදව් කළ බවයි. ඔහු කිව්වෙ ඡායාරූප හඳුනාගන්න ඒ වෙනකොට මගේ ස්වරූපය හඳුනාගන්න, එවකට ජනතා විමුක්ති පෙරමුණේ නායකයා උදව් කළා කියන දේ.
ඉතින් මම කියන්න උත්සාහ ගන්නේ මේ කාරණය. එකක් මේ රටේ ඉපදිලා මේ රටේ මේ නගරයේ පාසල් ගිහිල්ලා මේ පිට්ටනිවල සෙල්ලම් කරපු මට අවසානයෙදි විදේශිකයකුට එල්ල වන ආකාරයේ වීසා නොමැතිව රැඳී සිටීම යන චෝදනාවට ලක් වීමට සිදු වෙන්නේ මෙන්න මේ කියන දේශපාලන පසුබිම හේතු කොටගෙනයි. එක පැත්තකින් මගේ වාමාංශික දේශපාලනය, තව පැත්තකින් මා නිරතවෙච්ච දේශපාලන අරගලය, තවත් පැත්තකින් ජනාතා විමුක්ති පෙරමුණේ පීලිපැනීමට එරෙහිව කළ අරගලය. අපි විශ්වාස කරන ආකාරයට වාමංශික ව්යා්පාරයේ දේශපාලනය ධනේෂ්වර දේශපාලනයට යොමු වීම මේ තත්වයට බලපෑවා. ඒ අරගලයේ නායකත්ව භූමිකාවක් කරන්නට සිදුවීම විසින් තමයි මට මේ තර්ජනය එල්ල වුණේ. මේ රටෙන් බැහැර වන්නනට සිදුවුණේ. මේක තමයි මා මුහුණ දුන් ප්‍රශ්නය.
ගරු විනිශ්චයකාර තුමනි,
අපි විශ්වාස කරන්නේ නෑ, මේ ධනේශ්වර රාජ්‍යයට මේ සමාජයේ ගැටලූ විසඳන්න පුලූවන්ය කියලා. අප විශ්වාස කරන ආකාරයට මේ ධනේශ්වර රාජ්ය ආරක්ෂා කරන්නේ මේ පවතින ධනේශ්වර සමාජ ආර්ථික ක්‍රමයයි. ඒ නිසා තමයි අපි කියන්නේ මේ රාජ්ය් යටතේ කිසිදු බහුතර ජනතාවකගේ සමාජ ආර්ථික පරශ් ජාතන්තර. රවාදී ගැටලූවක් විසඳන්න බෑ කියලා. පොලිසිය, අධිකරණය, බන්ධනාරය, අධ්‍යාපනය, ජනමාධ්ය ඇතුළු මේ කියන සියලූ ආයතන උපාංග සකස් වී ඇත්තේ මේ රාජ්ය්යේ ආරක්ෂාව සඳහා. ඉතින් මේ පොලිසිවල බන්ධනාගාරවල අධිකරණයන්හි කෙතරම් උගත් බුද්ධිමත් මනුෂ්යයත්වය අගයන මිනිසුන් සිටියත් ඔවුන් සියලූ දෙනාටම රකින්නට සිදුවී තිබෙන්නේ මේ නීති පද්ධතිය, මේ අධිකරණ පද්ධතිය, මේ යාන්ත්‍රණය.
ඉතින් ගරු විනිශ්චයකාරතුමනි,
මාගේ ප්‍රශ්නය මෙරට පුරවැසියකු ලෙස ජීවත් වීමට මෙරට දේශපාලනයේ නිරතවීමට මට ඇති අයිතිය අහිමි කරවීම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයක්. මෙරට පරය ජාතන්තරවාදයේ තරම පිළිබඳ ප්‍රශ්නයක් ලෙසයි මා දකින්නේ. පසුගිය කාලයේ විශේෂයෙන් රාජපක්ෂ පාලන සමයේ ඊට එරෙහිව තිබුණු ප්‍රධානම චෝදනාව තමයි ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීම ඝාතන පැහැරගැනීම් සංස්කෘතියක් පැවතීම. අපි හැමකෙනාම ඒ බව දන්නවා. වර්තමාන ‘යහපාලන ආණ්ඩුව’ පහුගිය කාලයේ සිදු වූ අසාධාරණයන්ට සාධාරණයක් ඉෂ්ඨ කරන ලෙස කියා විවිධ මාධ සංදර්ශන පවත්වනවා කියන එක තමයි මගේ විශ්වාසය. එය යම් කිසි දේශපාලන එල්ලයකට අනුව සිදු වෙනවා හැරෙන්න, සැබෑ ලෙසම ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමේ උවමනාවෙන් සිදු වෙනවා ද කියන කාරණය පිළිබඳව සැකයි. මේකට අඛණ්ඩ ඉතිහාසයක් තියෙනවා. එක පැත්තකින් සෑම වෙලාවකම මේ බලය මාරු වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව විශාල සාකච්ඡාවකින්, ලොකු ඝෝෂාවකින්.
1977 එක්සත් ජාතික පක්ෂය බලයට පත්වෙද්දී ප්‍රධාන සටන්පාඨය වුනේ 1971 සිදු වුණු අපරාධ. 1994 බලයට පත්වෙච්ච පොදු පෙරමුණු ආණ්ඩුවේ ප්‍රධාන සටන්පාඨය වුණේ 1988-1989 කාලයේ සිදුවූ අපරාධ, භීෂණය. ඒ වගේම පසුගිය යහපාලන ආණ්ඩුව බලයට පත්වුනේත් ඊට කලින් පැවැති රාජපක්ෂ පාලනයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් පිළිබඳ සටන් පාඨ වලින්. ඉතින් මේ බල මාරුවේදී ජනතාවට විඳින්න සිදු වූ අසාධාරණයන් පිළිබඳ යම් කතාබහක් තිබෙනවා. නමුත් බලයට පත්වුණාට පස්සේ මේ පිළිබඳ අපට පැහැදිළි පිළිතුරු ලැබෙන තත්වයක් පෙනෙන්නට නෑ. ඉතින් රටේ තවත් දහසකුත් එකක් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්න ඉදිරියේ කුමාර් ගුණරත්නම් වන මා මුහුණදෙන ප්‍රශ්නයත් තවත් එක් ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ ප්‍රශ්නයේ එක් ප්‍රකාශනයක්. ඒ නිසා මේ ගරු අධිකරණයේ සීමාව තුළ මේ නීති රාමුවේ සීමාව තුළ මගේ ප්‍රශ්නය විසඳිය හැකිදැයි යන ගැටලූව නිරන්තරයෙන් මා තුළම ප්‍රශ්න කරන තත්වයක් තිබෙනවා. ඊට හේතුව, මා විශ්වාස කරන ආකාරයට, මෙය දේශපාලන අධිකාරිය විසින් විසඳාලිය යුතු ප්‍රශ්නයක් නිසයි.
දැන් කෙනෙක් මගෙන් අහන්න පුළුවන් මේ පවත්නා නීති තත්වයන් පදනම් කරගෙන මොකක්ද කළේ කියලා. 2015 ජනවාරි 01 වැනිදා මා ලංකාවට පැමිණියා. නමුත් මගේ පළමු අයදුම්කිරිම්වලදි මට වීසා ලබා දුන්නේ නෑ. මගේ මතකය නිවැරදි නම්, දැනට සිටින ආගමන විගමන පාලකවරයාමයි ඒ වෙලාවෙත් හිටියේ. එසේ වීසා ප්‍රතික්ෂේප කිරීමෙන් පස්සේ අවස්ථා කිහිපයකදී නැවත ඉල්ලීම් කළාම ඔවුන් මගෙන් ලිපියක් ඉල්ලූවා. ඒක සාමාන්යනයෙන් සිදු වෙන කරිපස යාවලියක් නෙවෙයි. නමුත් ලිපියක් ඉල්ලා සිටියා. මා දුන් ඒ ලිපියේ ඉතා පැහැදිළිව මාගේ දේශපාලන ස්වරූපය පැහැදිළි කළා. පිටුවක් පුරා ලියැවූණේ මාගේ දේශපාලන අයිතිය පිළිබඳවත් මාගේ දේශපාලන ස්වරූපයත් ලිව්වා. එය ලබා ගත්තායින් පසුව තමයි, මට ලංකාවට එන්න වීසා නිකුත් කළේ.
ඒ අනුව 2015 ජනවාරි 01 වෙනිදා මම ලංකාවට ආවා. ඉන්පසුව, ජනවාරි 31 වැනිදාට මා වීසා දීර්ඝයක් සඳහා ඉල්ලීමක් කළා. අද වන විටත් ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ලැබිලා නෑ. ඉන්පසු දින දෙකක් ඇවෑමෙන් 2015 පෙබරවාරි 02 දා ශ්රේිෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සමක් ගොනු කළා. මා එහිදී පාරම්පරික පුරවැසිභාවය තහවුරු කළා. නමුත් එයට ලැබුණු පිළිතුර වූයේ, මෙය දේශපාලන අධිකාරිය විසින් විසඳිය යුතු ප්‍රශ්නයක් විධියටයි. ඉන්පසු මම විෂයභාර ඇමැතිවරයා වෙත මගේ මතකය නිවැරදි නම් 2015 පෙරබරවාරි 18 වැනිදා පාරම්පරික පුරවැසිභාවය තහවුරු කරන මෙන්, එහි අට වෙනි වගන්තිය යටතේ මම නැවත ඉල්ලීමක් කළා. එය ආපසු හරවා එව්වා, පිළිතුරක් ලැබුණේ නෑ. ඒ නිසා මා මේ නීතිමය රාමුව තුළ මේ සඳහා මා මැදිහත් වූ සියලූ ප්‍රයත්නයන් තුළින් අවධාරණය වූ එකම කාරණය, මෙය දේශපාලන අධිකාරිය විසින් හෝ ආදාල විෂයභාර ඇමැතිවරයා විසින් හෝ ආණ්ඩුව විසින් විසඳිය යුතු ප්‍රශ්නයක් ලෙසයි. දැන් මෑතකදී මගේ මතකය නිවැරදි නම් 2016 ජනවාරි 19 එම නීතිපතිවරයාම, ලාංකීය රාජ්යඅයේ පරී ධාන නීති නිලධාරියා වූ ඒ නීතිපතිවරයා විසින්ම පරණ ස්ථාවරයට වඩා වෙනත් ස්ථාවරයක් දක්වා තිබුණා. ඒ අනුව නැවත මාගේ පුරවැසිභාවය සම්බන්ධ ඉල්ලූම්පත්‍රය ආපසු හරවා එවීම පසෙක තබා, එය පිළිගන්නා ලෙස කරුණු දක්වා තිබුණා. ඉතින් මම කියන්න උත්සාහ කරන්නේ එක පැත්තකින් මාගේ ප්‍රශ්නය පැහැදිළිවම දේශපාලන අධිකාරිය විසින් විසඳාලිය යුතු පරයන්ශ්නයක්ව තිබෙනවා වගේම ඒ සම්බන්ධව කටයුතු කළ රාජ්‍ය ව්‍යුහයේ සිට නීතිපතිවරයා ආගමන විගමන පාලකවරයා විවිධ අවස්ථාවල විවිධ ආකාරයෙන් කටයුතු කර තියෙනවා. මෙහිදී මා පිළිගන්න එක් කාරණයක් තියෙනවා. ලංකාවේ සෑම සියලූ ආයතනයක්ම අපි කැමති වුණත් අකමැති වුණත් දේශපාලනීකරණයට ලක්වීම සිදුවෙලා තිබෙනවා. මාව අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරී මහත්වරු විවිධ පරස්පර ප්‍රකාශ නිකුත් කරලා තිබෙනවා. ඔවුන් එක වතාවකදී කිව්වේ මාගේ අන්යාතාව හඳුනාගැනීමට නොහැකිවූ නිසා අත්අඩංගුවට ගත්තා කියලා. නමුත් මම ස්ථිරවම දන්නවා මාගේ අනන්‍යතාව හඳුනාගත් නිසාමයි මාව අත්අඩංගුවට ගත්තේ. ඒක තමයි ලංකාවේ සෑම සියලූ තැනකම තිබෙන තත්වය. උගත් බුද්ධිමත් අය ඉන්න පුළුවන්, මනුෂ්‍යත්වය තියෙන අය ඉන්න පුළුවන්, නමුත් මේ සියලූදෙනා මේ ආයතන වෙනුවෙනුයි පෙනී ඉන්නේ. ඒ නිසා මේ පර, ඩශ්නය පැහැදිළිවම දේශපාලන අධිකාරිය විසින් විසඳාලිය යුතු ප්‍රශ්නයක්. මා අවසාන වශයෙනුත් අවධාරණය කරන්නේ මෙය ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ ප්‍රශ්නයක්. මගේ ප්‍රශ්නය මේ ලංකාවේ පරනේ ප්‍රජාතන්ත්‍රවාදය බිඳවැටීම පිළිබඳ තවත් එක් ප්‍රකාශනයක්. ඒ වගේම මට විදේශගතවීමට සිදුවීම මේ රටේ දේශපාලනයේ යෙදීම එක් හේතුවක්. ඒ නිසා මාගේ පුරවැසිභාවය තහවුරු කිරීම මෙරට දේශපාලනය කිරීමට ඇති අයිතිය තහවුරු කිරීම, මෙරට දේශපාලන අධිකාරිය භාරගත යුතු ප්‍රශ්නයක්.
ගරු විනිශ්චයකාරතුමනි,
මාගේ ඉදිරි ජීවිත කාලය කොයි රටේ කොයි ආකාරයකට ජීවත් වෙන්න සිදු වෙයිද මොන ආකාරයකට ජීවත්වෙන්න සිදුවෙයිද කියන කාරණය නොසලකා මට මේ රටේ ජනතාවට එක පර ම තිඥාවක් ලබා දෙනවා. ඒ තමයි මා බහුතරයක් පොදු ජනතාව වෙනුවෙන් මා වසර 34-35ක් තිස්සේ අඛණ්ඩව පවත්වාගෙන යන මේ වාමාංශික දේශපාලන අරගලය, ඉදිරියටත් සිදුකරන බවයි. ලොව කොයි මුල්ලක සිටියත් මා එම අරගලය කරගෙන යන බවත් ඒ වගේම මා එය ශක්තිමත් හා භක්තිමත් කොමියුනිස්ට්වාදියෙක් වශයෙන් කරන්නට ඉටාගෙන සිටන බවත් මා පර ව කාශ කරනවා. මම ‘ශක්තිමත්’ යන්නෙන් අදහස් කරන්නේ මේ කරතර මයට මේ ධනවාදයට මිනිසුන්ගේ පරඒ වශ්න විසඳන්න බැහැය කියන තාර්කික අවබෝධයකින්. දාර්ශනික අවබෝධයකින්. මා ‘භක්තිමත්’ කොමියුනිස්ට්වාදියකු වන්නේ ලෝකයේ මෙවැනි අරගල තුලින් ජීවිත පරිත්යා ග කළ විවිධ කැපකිරීම් කළ සහෝදර සහෝදරියන් අපේම පක්ෂයේ සහෝදර සහෝදරියන් වගේම සියලූදෙනාගේ හෘදසාක්ෂිය හා ඒකාත්මික වෙමින්.
එමනිසා අවසාන වශයෙන්, මගේ පරයේ ශ්නය රටේ බිඳවැටිලා තිබෙන ප්‍රජාතන්ත්‍රවාදයේ අනෙකුත් ප්‍රශ්නවලට සාපේක්ෂව එක් ප්‍රශ්නයක්. හැබැයි මගේ මේ පරිලාශ්නය විසඳාගන්න සිද්ධවෙන්නෙත් අර සාධාරණත්වය වෙනුවෙන් කරන අරගලයේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමේ අරගලයේ කොටසක් ලෙස මිස එන් පරිබාහිරව නෙවෙයි. මා ඒ අරගලයට මාගේ ඉදිරි ජීවිත කාලය කැප කරන බව ප්‍රකාශ කරමින් මේ අධිකරණය මේ අවස්ථාව ලබා දීම පිළිබඳවත් මාගේ ගෞරව පූර්වක ස්තූතිය ප්‍රකාශ කරමින් මාගේ ප්‍රකාශය අවසන් කරනවා.


