ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයන් 23 දෙනකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. අවුරුදු 15 සිට 56 දක්වා වයස්වලට අයත් පුද්ගලයන් අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බව වාර්තා වේ. ඔවුන් අත්අඩංගුවට පත්ව තිබෙන්නේ මන්නාරමට ආසන්න මුහුදේදීය. ට්‍රෝලර් යාත්‍රා තුනක්ද අත්අඩංගුවට පත්ව තිබේ.
අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔවුන් මන්නාරම පොලිසියට බාර දී තිබෙන අතර අද මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම ගැටලුවට නිසි විසඳුමක් නොදීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ අහිංසක ධීවරයන් සිය ගණනක් සෑම වසරකම අත්අඩංගුවට පත් වෙති.