රුකී ප්‍රනාන්දු තවමත් ත්‍රස්තවාදී සැකකරුවෙක්ලු

rucky-fernando

මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වන රුකී ප්‍රනාන්දු ඔක්තෝබර් 1 වැනිදා කටුනායක ගුවන්තොටුපළෙදී ත්‍රස්තවාදී සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන ප්‍රශන් කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය අගයන සැමගේ විරෝධයට හේතු වී ඇත.

රාජපක්ෂ පාලනය යටතේ සිදුවූ බොහෝ මානව හිමිකම් අපරධවලට එරෙහිව ක්‍රිකළ ක්‍රියාකාරිකයකු ලෙස ඔහු එවකට මර්දනකාරීත්වයට මුහුණ දුන්නේය. යුද්ධය අවසානයේ හමුදාවට බාර වූ නමුත් අතුරුදන්ව ඇති තම පුත්‍රයා පිලිබද තොරතුරු හෙළිකරන ලෙස උද්ඝෝෂනය කළ ජයකුමාරි බාලේන්ද්‍රන් මව සහ රුකී ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදී චෝදනා ඉදිරිපත් කරමින් පවරා ඇති නඩුව තවමත් විභාගයට ගනු ලබයි.

ඉන්ෆොම් ආයතනයේ රුකී ප්‍රනාන්දු බ්‍රිතාන්‍ය බලා යාමට කටුනායක ගුවන්තොටුපළට ගියේ යෝක් සරසවියේ පැවැති මානව හිමිකම් සැසිවාරයක් සදහා සහභාගීවීම සදහාය.