ඊයේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩිව ඉන්දීය කොංගස් පකෂයේ උප සභාපති වන රාවුල ගාන්ධී හා එම පක්ෂයේ නායකයින් කිහිපදෙනකෙු හමුවීම ඉන්දීය විපක්ෂ කණ්ඩායම්වල දැඩි දෝශ දර්ශනයට ලක්ව තිබේ.
ඔවුන් චෝදනා කරන්නේ ඉන්දීය විපකෂයේ එකමුතුභාවයට මෙම හමුව දැඩි බලපෑමක් කර ඇති බවයි.
මන්ද මීට දින දෙකකට පෙර නරේන්‍ද්‍ර මෝඩිට එරෙහිව තමා සතුව වංචා දූෂණ චෝදනාවලට සම්බන්ධ ප්‍රබල සාක්ෂි අැති බවත් ඒ පිළිබදව ලොක් සභාවේදී කථා කරන බවට පවසා ඊට දින දෙකකින් පසුව හදිසියේම ඉන්දීය අගමැතිවරයාද හමුවීම විපකෂයේ සමගියට බාධාවක් බව ඉන්දී්‍ය විපක්ෂ කණ්ඩායම් චෝදනා ඇත.
මේ චෝදනාව නගන්නේ පසුගියදා ඉන්දී්‍ය මුදල් අවලංගු කිරීම සම්බන්ධයෙන් විපකෂයේ පක්ෂ 16ක් ඉන්දී්‍ය ජනාධිපතිවරයා හමුවීමට යොදාගෙන තිබියදී ඊට හාත්පසින්ම වෙනස් ලෙස කොංග්‍රස් පක්ෂයේ නියෝජිතයින් පමණක් ඉන්දීය අගමැතිවරයා හමුවීම ඉන්දී්‍ය විපක්ෂයේ සමගිය බිද දැමීමක් ලෙසයි.