“ඔයගොල්ලා වතුවල පෝස්ටර් ගැහුවම මිනිස්සු ඇවිස්සෙනවා. ඒ වගේ දේවල් කරන්න එපා. අවසර නැතිව මේ වතුවලට ඇතුලු වෙන්න බෑ.“ මෙහෙම කියන්නෙ වතු අධිකාරි කෙනෙක්.
නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ සහෝදරියන්ට මේ අවවාද අහන්න ලැබුණේ බදුල්ල ප්‍රදේශයේ ආපදාවට ලක් වුණු වතු ජනාවාසයකදි. ඔවුන් නිවාස නැතිව අවතැන් කදවුරේ වාසය කරද්දි නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ සහෝදරියන් මැදිහත් වෙලා ඔවුන්ට නිවාස ලබාදීම සම්බන්ධව වැඩසටහන් ගණනාවක් කළා. දරුවන්ගෙ අඩුපාඩු සොයා බැලුවා. අවසානයේ ඒ ජනතාවට ස්ථිර නිවාස ලබාදීමේ කටයුතු සම්පූර්න කරගන්න උද්ඝෝෂණ සංවිධානය කරන්නත් සිදු වුණා. ඉතින් වතු ජනයා පීඩාවට පත්ව ඉන්න වෙලාවෙ ඔවුන් අතරට ගිය සහෝදරියන් ප්‍රදේශයේ වතු කම්කරු ජනයා, විශේෂයෙන් වතු සේවක ස්ත්‍රීන් දැනුවත් කිරීමක් සිදුකළේ පසුගිය දෙසැම්බර් 10 වැනිදා. එදින සිදුවන එම කාර්ය පිලිබද කල්තියා දැනුවත් කිරීම සදහා පෝස්ටර් කිහිපයක් අලවා තිබුනා. වතු අධිකාරිවරයා කතා කළේ ඒ ගැන. නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ සහෝදරියන් තමන්ගෙ අත්දැකීම් ‘ලංකාවීව්ස්‘ වෙත මෙසේ විස්තර කළා.
මුලින් කීව වතු අධිකාරිවරයා තම ආධිපත්‍යය පෙන්වීම හා බාධාකිරීම නතර කරන්න සූදානම් වුණේ නෑ.
“මම මේ අක්කර දාස් ගනක වතුයායේ පාලනය භාරව ඉන්න කෙනා හැටියට දැනගන්න ඕන ඔයගොල්ල එනකොට මාව දැනුවත් කරන්න ඕන. පොලිසියෙන් අවසර ගන්න ඕන. එහෙම නැතිව මේ වගේ දේවල් කළාම ඒ මිනිස්සු කරදරේ වැටෙනවා.“
ඔන්න ඔහොමයි වතු ජනතාව කල් ගෙවන්නෙ. ඔවුන් නුතන සමාජ ජීවිතයෙන් ඈත් කරලා වැඩවසම් ආධිපත්‍යයක කොටු කරලා ශ්‍රම සූරාකෑමට ගොදුරුවීම පිනිස ජීවත් වන සත්ව කොට්ඨාසයක් වගෙයි.වතු සේවක සහෝදරියන්ගේ ජිවිතය තුළ ඔවුන් මුහුණ දෙන පීඩාව පිලිබද දැන්වත් කිරීම් කරන්න අපි බදුල්ල දිස්ත්‍රික්කයට ගිහින් ඒ අත්දැකීමට මුහුණ දුන්නේ පළමුවෙන්ම දෙසැම්බර් 10 වැනිදා කොස්ලන්ද පුනාගල ප්‍රදේශයට ගියේ කම්කරු සහෝදරියන් දැනුවත් කිරීමේ කටයුතුවලදියි. බාධා කිරීම් හා පැය කිහිපයක ප්‍රමාදයකින් පසුව අපි එම කාර්ය කළා.
වතුයායේ දැනුවත් කිරීමේ කටයුතුවල නිරත වූ සහෝදරියන් පසුව ඇල්ල නිව්බර්ග් වතුයායේ කම්කරු සහෝදරයන් හමුවීමට එහි ගියා. නිව්බර්ග් වත්තෙ අප ගිය එක් තැනක පවුල් 45 ක් පදිංචිව සිටියත් ඔවුන්ට පිරිසිදු පානීය ජලය සපයාගැනීම දුෂ්කර බව දැනගන්නට ලැබුණා….වතුර ගන්න වත්තේ තවත් ඉහළට යා යුතු විය. බූලි 10 ක් ත්‍රී වීල් එකේ ගේන්න පුලුවන්. රුපියල් 300 ක් ඕන…“අපේ ප්‍රශ්න වලට වතුර ප්‍රශ්නෙත් එකතුවෙලා“ ඔවුන් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ සහෝදරියන් සමග පවසා තිබුණා.
පසුදා අපි ගියේ පස්සර ආගරතැන්න වත්තට සහ යුරිවත්ත . එම වතුයාය වලදී ද අපට ස්ථාන කිහිපයක දැනුවත් කිරීම් කරන්නට හැකි වුණා. ඉන්පසුව අපි පස්සර පොළ හන්දියට පැමිණ පොළට එන වතු කම්කරු ජනතාව ආමන්ත්‍රණය කරමින් විශෞෂයෙන් වතු ආශ්‍රිත සහෝදරයින්ට අපේ අදහස් සම්බන්ධ දැනුවත් කිරීමේ කටයුත්ත කළා.
අපි කාන්තාවගේ පීඩාව ගැන කතා කරද්දි නිතරම වැඩි අවධානයක් ගන්නෙ ගෘහස්ත හිංසනය හා ලිංගික අපරාධවලට ගොදුරුවීම ගැන කතාකරන්න. ඒ වගේ මාතෘකා හරිම ජනප්‍රියයි. කාටත් වැඩි වෙහෙසක් ගන්නෙ නැතිව, තමන්ගෙ ජීවිතයට බලපෑමක් ඇති නොවන විදියට ඒ සටන්පාඨ එක්ක හිටගන්න පුලුවන්. වචනයෙන් කාන්තාව ගෘහස්ත කාර්යයන්ගෙන් නිදහස් කළ යුතුයි‘ කාන්තාවන්ට එරෙහි ලිංගික හිංසනය පිටුදැකිය යුතුයි‘ වගේ දෙයක් කිව් පමනින් ඒ අරගලය අවසන් වෙනවා.
නමුත් ඒ සියල්ලම තිබියදී කාන්තාව ශ්‍රම සූරාකෑමට ලක්වන තැන් පිලිබද සමාජ අවධානය අල්පයි. අපි නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විදියට ගෘහස්ත කටයුතුවලදී මෙන්ම ශ්‍රම ක්‍රියාවලියෙදි කාන්තාවන් මුහුණ දෙන පීඩාව ගැනත් අපේ අවධානය යොමු කරනවා. කාන්තා පීඩාව පොදුවේ ධනපති සමාජයේ පන්ති පීඩාව සමග යන තත්වයක් බව අප පිලිගන්නවා. ඉතින් ඒ සමස්ත පීඩාව අහෝසි කිරීමට ගෙන යන අරගලයේදි අප වාමාංශික ව්‍යාපාරයක වැඩ කරමින් වාම කාන්තා දේශපාලන ධාරාවක් වෙනුවෙන් වෙහෙස වෙනවා. වාමාංශික කාන්තා ව්‍යාපාරයක් ගොඩනගනවා කියන එක සරල වැඩක් නෙවෙයි.
වැඩකරන ජනතාව අතරත් ගෘහස්ත කාන්තාවන් අතරත් අපි වැඩ කරනවා. දැනුවත් කිරීම් හා සටන් අවබෝධය පීඩිත කාන්තාව වෙත රැගෙන යන්න අපි විවිධ කටයුතු සංවිධානය කරනවා.




