මාධ්‍යවේදින්ට ප්‍රවේශම් වන ලෙස රජයේ මාධ්‍ය අධ්‍යක්ෂගෙන් අවවාදයක්!
Posted on 12.20.2016 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ඉදිරියේදී වඩා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බව රජයේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය ජනමාධ්‍යවේදීන්ට අවවාද කරයි.
ජාතික රූපවාහිනි සේවයේ ජනමාධ්‍ය නිදහස පිළිබද කළ සංවාද සභාවේදී ඔහු මෙම අවවාදය කළේ හම්බන්තොටදී නාවික හමුදාපතිවරයා ජනමාධ්‍යවේදීයකුට පහරදීමේ සිදුවීම පිළිබද නැගුනු ප්‍රශ්නයකට පිළීතුරු දෙමිනි.
ජනමාධ්‍යවේදීන් යනු දඅඹු දරුවන් සිටින පිරිසක් බැවින් මෙවැනි සිදුවීම් සම්බන්ධව සැලකිළිමත් වියයුතු බව අධ්‍යක්ෂ ජනරාල්වරයා අනතුරු ඇගවීය. මෙවැනි සිදුවීම් ඉදිරියේදී තවදුරටත් සිදුවිය හැකි බවත් පවුලේ උදවිය යැපෙන්නේ තම්නගෙන් බැවින් ඒ ගැන සලකා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බව ඔහුගේ අවවාදය විය.
ඔහුගේ මෙම ප්‍රකාශය සිදුකරන විට ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරු පරනවිතාන ද ඊට සවන් දෙමින් එය අනුමත කළ අතර ඉදිරියේදී එවැනි අප්‍රසන්න සිදුවීම් සිදු නොවන බවට රජය වෙනුවෙන් සහතික වීමක් කිරීමට ඔහු අසමත් බව පැහැදිලි විය. පසුගිය දිනක රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති සංවාදයකදීද හම්බන්තොට ප්‍රහාරය සම්බන්ධව අදහස් දැක්වීමේදී රජයේ මාධ්‍ය අධ්‍යක්ෂවරයාගේ ස්ථාවරය වූයේ නාවික හමුදාව පැමිණෙන අවස්ථාවේ මාධ්‍යෙව්දියා අනවශ්‍ය තැනක සිටිමින් ආචාර ධර්ම නොසලකා හැරීම නිසා පහරකෑමට ලක් වූ බවයි. එම අවස්ථාවේ අදහස් දැක්වූ ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රහාරය හෙළා දකිමින් අදහස් පළ කළද නාවික හමුදාවේ කඩාවැදීමට විරෝධතාවය පළ කළ වරාය සේවකයන් ‘මුහුදු කොල්ලකාරයන්“ ලෙස හදුන්වමින් නාවික හමුදාවේ ප්‍රහාරය ආරක්ෂා කිරීමේ ප්‍රයත්නයක යෙදුණි. අවශ්‍ය නම් වෙඩිතැබීමට පවා නාවික හමුදාවට බලය ඇති බව ඔහු කීවේ එවැනි වෙඩි පහරකින් ජනමාධ්‍යෙව්දියා මියගියද එහි වරද ඔහුගේම වන බවට කරුනු පෙළ ගස්වමිනි.
Related News