පොලිස්පති පෞද්ගලික ජනමාධ්‍යවලින් පළිගනී!

පොලිස් මාධ්‍ය අංශය විසින් ජනමාධ්‍ය වෙත නිකුත් කරන නිල ප්‍රකාශන පෞද්ගලික මාධ්‍ය වෙත ලබා නොදෙන ලෙස පොලිස්පතිවරයා විසින් නියෝග කර ඇතැයි දැනගන්නට තැබී තිබේ.

රත්නපුරයේ පැවැති පොලිස් වීර දින උතත්සවයේදී පොලිස්පති පූජිත් ජයසුන්දරට ලැබුනු දුරකථන ඇමැතුමකට මයික්‍රෆෝන් ක්‍රියා විරහිත නොකර පිළිතුරු දීමේ සිද්ධිය පෞද්ගලික මාධ්‍ය මුලින්ම ප්‍රචාරය කිරීම ඊට හේතුව විය හැකි බව අනුමාන කෙරේ.

මේ අනුව දිවයින් පුරා පිහිටි පොලිස් ස්ථාන මගින් කොළඹ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයට ලැබෙන තොරතුරු විද්‍යුත් තැපෑලෙන් පෞද්ගලික මාධ්‍ය ආයතනවලට නොයවනු ඇත. පොලිස්පතිවරයාගේ දෝෂය ජනමාධ්‍ය මගින් වාර්තා කිරීම නිසා මෙසේ පෞද්ගලික ජනමාධ්‍යයන්ගෙන් පලිගැනීමට පොලිස්පතිවරයා තීරණය කර ඇත.

 

Leave a Reply