මෙතෙක් හෙළි නොකොට විදේශ බැංකු හෝ වෙනත් මුල්‍යායතනවල තැන්පත් කර ඇති ධනය ලංකාවට ගෙන්වන්නට හැකිවන පරිදි මුල්‍ය නීති සංශෝධනය කිරීමට බලාපොරොත්තුවන බව මුදල් ඇමැති රවි කරුණානායක පවසයි.
මුදල් ඇමැති ප්‍රකාශ කරන්නේ ඉදිරියේදී සිදුවන නීති සංශෝධනයකදී මේ වනවිට පැනමා පත්‍රිකා යටතේ හෙළිදරව් කළ හෝ ස්විස් බැංකු හෝ වෙනත් රටවල ගිනුම්ගතකර ඇති ධනය මෙසේ ලංකාවට ගෙන්වන්නට හැකියාව ලැබෙනු අැකි බවයි. මෙය බදු සමාවක් නොවන බව මුදල් ඇමැතිවරයා පැවසුවද හවුල් ආණ්ඩුව පත්වන්නට පෙරාතුව රාජපක්ෂ පවුල් පාලනය හා හිටපු ජනාධිපතිගේ සමීපතමයන් විසින් විදේශගතකළ බවට සැකකරනු ලැබූ ධනය පවා ගෙන්වීමේ හැකියාව එවැනි නීති සංශෝධනයකින් හිමිවේ.
කෙසේවෙතත් පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේ මෙන්ම ඉන්පසුවද දේශපාලන වේදිකාවලදී ආණ්ඩුවේ කථිකයන් ප්‍රකාශ කළේ නීති විරෝධී ලෙස මුදල් උපයාගත් සහ මහජන මුදල් අවභාවිත කරමින් විදේශයන්හි ධනය තැන්පත් කළ දේශපාලන බලවතුන් සහ ප්‍රභූන් නීතිය හමුවට ගෙන එන බවයි. මහින්ද රාජපක්ෂ පාලනයේදී විශේෂයෙන් ජනාධිපතිවරයාගේ ඥාතින් සහ සමීපතමයන් විසින් උපයා ඇති බවට ප්‍රකාශ කරනු ලැබූවද ඒ සම්බන්ධ කිසිවක් හෙළිකරගන්නට ආණ්ඩුවට හැකියාවක් ලැබී නැත.
හෙළිව ඇති තොරතුරුවලින් කියැවෙන්නේ චෝදනා නගනු ලැබූ විදේශ වත්කම් සෙවීම සදහා පත්කළ විශේෂ ජනාධිපති කොමිසම විසින් මේදක්වාම එවැනි කිසිදු තොරතුරක් හදුනාගෙන නැති බවයි.