අද (19) මධ්‍යම රාත්‍රියේ සිට රට පුරා සියලුම තැපැල් කාර්යාල සේවකයෝ දෙදිනක වැඩවර්ජනයකට එක්වන්නට නියමිතය.
මෙහිදී සියලුම තැපැල් කාර්යාල වසා දමා වැඩවර්ජනයක නිරතවීමට තැපැල් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නායකයන් සහ සේවකයන් තීරණය කර ඇත. තැපැල් සේවකයන්ගේ ඉල්ලීම් පිළිබද තැපැල් ඇමැති එම්. එච්. අබ්දුල් හලීම් සමඟ පසුගිය 17 වැනිදා පැවැත්වූ සාකච්ඡාවලින් විසඳුමක් නොලැබීම නිසා වැඩවර්ජනයේ නිරතවන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්‌ඩාර පවසයි. පැය 48 ක් දක්වා සිදුකෙරෙන වැඩවර්ජනයට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්‌ථානය සහ රටපුරා පිහිටි ප්‍රධාන තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාලවල සේවයෙන් සම්බන්ධ වේ. එම නිසා සාමාන්‍ය ලියුම් එකතු කිරීම, බෙදීම හා තැපැල් භාණ්ඩ බෙදීමේ සිට දුම්රිය මගින් තැපැල් මලු ප්‍රවාහන කටයුතු, ගුවන් තැපැල් කටයුතු ආදිය පවා නවතිනු ඇත.