අමෙරිකානු ප්‍රහාරක යානයක් හොර රහසේ ඇවිත් ගිහින්

එක්සත් ජනපදයේ නාවික හමුදාවට අයත් නවීනතම ප්‍රහාරක ගුවන් යානයක් නාවික භට කණ්ඩායමක් සමග ලංකාවට පැමිණි බව පසුගියදා වාර්තා විය.

අමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක බලකායේ (VP-10) “රෙඩ් ලාන්සර්ස්“ කණ්ඩායම P-8A පොසියඩොන් ගුවන් යානයකින් දෙසැම්බර් 4 වැනිදා ලංකාවට පැමිනි බවත් ලංකාවේ නාවික හමුදාව සමග යුද අභ්‍යාස විශේෂඥ උපදෙස් හුවමාරුවක යෙදී 11 වැනිදා පිටව ගිය බවත් එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කළේය.

මෙම ගුවන්යානයේ ප්‍රහාරක හැකියාවන් අතර මිසයිල, බෝම්බ හා වෙනත් නවීනතම උපකරන සහිතය. එසේම සබ්මැරීන හදුනාගෙන ඒවාට පහරදීමේ හැකියාව සහිත එක්සත් ජනපදයේ නවීනතම ප්‍රහාරක යානායක් ලෙසද මෙම යානා විශේෙෂය හදුන්වා දී තිබේ.

අන්තර්ජාතික නාවික මාර්ග ආරක්ෂා කිරීමේ අභ්‍යාසයක නිරතවීම සහ නවීන ලුවන් හැකියාව පෙන්වීම මෙම සංචාරයේ අරමුණ බව එක්සත් ජනපද නාවික හමුදාව ප්‍රකාශ කරයි. ඉන්දු-ආසියා-පැසි*ික් කලාපයේ ගුවන් හා නාවික කදවුරුවල සැපයුම් සදහා රෙඩ් ලාන්සර් ආරක්ෂක භට කන්ඩායම කලාපයේ කරන සංචාරයක පියවරක් ලෙස මෙම සංචාරය සිදු කෙරිනි.

Leave a Reply