‘සම අයිතිය ව්‍යාපාරය’ විසින් සංවිධානය කළ ‘ඒත් අපි පියාඹමු!‘ සංස්කෘතික උළෙල සැප්තැම්බර් 30 වැනිදා ආරම්භ විය.
පළමු දිනයේ සමාරම්භක අවස්ථාවට තමිල් හා සිංහල කලාකරුවන්, යාපනයේ පාසල් ගුරුභවතුන් සමග ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ සම අයිතිය ව්‍යාපාරයේ ක්‍රියාකාරීහු සම්බන්ධ වූහ. පෙරවරු 10.00ට ධර්මසේන පතිරාජගේ ‘පොන්මනි‘ චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරුනු අතර සවස 2.00ට කෙටි චිත්‍රපට උළෙල ආරම්භ විය. සවස 3.00ට සිංහල හා තමිල් කවියන් කිවිදියන් හා රසිකයන් සම්බන්ධ කරගත් සංවාදයක් ආරම්භ විය. එහිදී තමිල් කවි නිරිමාණ මෙන්ම සිංහල කවි නිර්මාණ කිහිපයක් පදනම් කරගනිමින් සංවාදයට ප්‍රවේශයක් ගෙන තිබිණි. එහිදී තමිල් කවි 10ක් සිංහල බසට සහ තමිග් කවි 10ක් සිංහලයට නගා සංවාදය පිණිස පරිවර්තනය කර ඉදිරිපත් කිරීමද විශේෂත්වයක් විය.
දෙවැනි දිනය ලෙස ඔක්තෝබර් 1 වැනිදා කේසවරාජන්ගේ ‘අම්මා නලමා‘ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන ලදී. ඉන්පසුව සිවමාව පිළිබද“ සංවාද සභාවක් ආරම්භ විය. සන්ධ්‍යාවේ කිං රත්නම්ගේ Echoing Hiills) වාර් තාමය සිනමාපටය ප්‍රදර්ශනය කෙරිණි.
ඒත් අපි පියාඹමු තේමාව යටතේ මෙම සංස්කෘතික උෙලලට මහත් උද්යෝගයෙන් සහභාගිවන තත්වයක් තරුණ ප්‍රජාව අතර දක්නට තිබිණි.
