මාලදියින් ජනාධිපති ඝාතනය කිරීමට උත්සාහ කළේයැයි සැකපිට මාලදිවයින් ජාතිකයකු ඊයේ රාතී‍්‍ර බොරලැස්ගමුව පොලීසිය හා ආගමන විගමන දේපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මාලදිවයින බලා පිටකොට හැර තිබෙන බව වාර්තාවේ.
මෙසේ අත්අඩංගුවට ගෙන පිටුවහල් කර ඇත්තේ දහඅටහැවිරිදි අෂ්රෆ් මොහොමඩ් නැමැත්තෙකි. ඔහු එරට උප ජනාධිපවරයාගේ සමීපතමයෙකු බව වාර්තාවේ. උප ජනාධිපතිවරයාද පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුනි.
පසුගිය මස මාලේ අගනුවරදී එරට ජනාධිපති අබ්දුල් යමීන් ඝාතනය කිරීම සදහා ඔහු ගමන්ගත් බෝට්ටුවේ පිපිරීමක් සිදු කර තිබුනි. ජනාධිපතිවරයාට එම පිපීරීමෙන් බරපතල හානියක් සිදුනොවූ අතර සුළු තුවාල සිදුව තිබුණු අතර ඔහුගේ ඉිරිද හා ලේකම්වරයා බරපතල තුවාල සිදුවිය.
මෙම සිදුවීම එරට ආරක්ෂක අංශ විසින් ජනාධිපතවරයා ඝාතන කුමණ්ත‍්‍රණයක් ලෙස හෙළිකරගෙන තිබේ.