ඉදිරි වසර සඳහා නව නිළධාරී මණ්ඩලයක් තෝරා පත්කර ගැනීමට ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කටයුතු කර තිබේ. එම කටයුතු සිදුව තිබෙන්නේ පසුගිය 23 වැනිදා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විශේෂ හමුවකදීය.
ඒ අනුව එම සංගමයේ නව සභාපතිවරයා ලෙස තෝරාගෙන ඇත්තේ තරුණ ජනමාධ්‍යවේදියෙකු වන තරිඳ උඩුවරගෙදර සම ලේකම්වරු ලෙස තරිඳු ජයවර්ධන සහ උදය කාර්තික් තෝරාගෙන තිබේ. ඊට අමතරව උප සභාපති ලෙස ආදිල් අලි සබ්රි ද භාණ්ඩාගාරික ලෙස නිරෝෂ් මෛත්‍රී ද උප භාණ්ඩාගාරික ලෙස හර්ෂණ තුෂාර සිල්වා ද තෝරාගෙන ඇත.
බිඟුන් මේනක ගමගේ, ශාලික විමලසේන, රජිත ජාගොඩ ආරච්චි. රෂින් මෙන්ඩිස්, තුසිත පතිරණ, ඇතුළු නමදෙනෙකෙුගෙන් යුත් කාරක සභාවක්ද පත්කර ගත් බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි.

