අග්නිදිග විශ්ව විද්‍යාලයීය සිසුන්ට ඇති ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් එම විශ්ව විද්‍යාලයේ සිසුහු සහ ඔවුගේ දෙමාපියෝ අද (23) කොළඹ වෝඩ් පෙදෙසේ පිහිටි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම පරිශ්‍රයට පැමිණ එහි ගේට්ටු අවහිර කර එහි කටයුතු අඩපණ කිරීමට කටයුතු කර ඇතැයි වාර්තාවේ.
අග්නිදිග විශ්ව විද්‍යාලයට අත්‍යාවශ්‍ය පහසුකම් ලබාදෙන ලෙසත් එසේ නොමැති නම් තමන්ව වෙනත් විශ්ව විද්‍යාලයකට තමන් මාරු කර දෙන ලෙස ඉල්ලමින් පසුගියදා ද එහි සිසුන් විසින් වෝඩ් පෙදෙසේ මාර්ගය අවහිර කළහ.
අද රථවාහන ගමනාගමනයට බාධාවක් නැති අතර සිසුහු සහ දෙමව්පියෝ ප්‍රතිපාදන කොමිසමේ ඉදිරිපස හා පිටුපස ගේට්ටු කළු පටිවලින් බැඳ කිසිවකුට එහි ඇතුළුවීමට හෝ පිටවීමට නොදී රැකවල් ලා සිටිති.
උද්ඝෝෂණය පවතින අතරතුර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට පැමිණි උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේරු සමග ශිෂ්‍ය නියෝජිතයයෝ පිරිසක් සාකච්ඡා කර තිබේ.
එහිදී පීඨයට අලුතින් දේශකවරුන් කිහිප දෙනෙකු ඇතුලත් කිරීම, පරීක්ෂණාගාර සදහා අලුත් උපකරණ ගෙන්වීමට ඇණවුම් ලබා දීම, පුස්තකාල සඳහා පොත් ඇණවුම් කිරීම. යන ශිෂ්‍ය උද්ඝෝෂණයට හේතු වූ කරුණුද සාකච්ඡා විය.