පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අයත් ඩිෆෙන්ඩර් රථයක් යොදාගෙන ඇයගේ ආරක්ෂකයින් හා ආධාරකරුවන් පසුගියදා තරුණයකු පැහැරගෙන ගොස් පහරදී මග දමා ගියැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරියගෙන් එම පැහැරගෙනයාම පිළිබදව ප්‍රශ්න කර පසුව ඇයව මුදාහැර ඇත.
තමාට අයත් ඩිෆෙන්ඩර් රථයකින් පුද්ගලයකු පැහැරගෙනයාමට තමන්ගේ ආරක්ෂකයින්ද සම්බන්ධ සිදුවීම පිළිබදව හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මහන්තී‍්‍රවරිය අදහස් දැක්වීමට මාධ්‍ය හමුවක්ද කැදවා තිබුනි.
මෙම පැහැර ගැනීමට ඇයගේ සම්බන්ධයක් නොමැති බව කියා පෑමට ඇය එහිදී උත්සාහ කළද නමුත් ඇය එම සිදුවීමට ඇති සම්බන්ධය මාධ්‍ය හමුවේ කළ ප‍්‍රකාශය අනුව තහවුරු වන බව නීති විශාරදයින්ගෙ මතය බවයි පැවසෙන්නේ.
මේ සිදුවීම පිළිබදව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා පසුගියද මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මන්තී‍්‍රවරය මෙම පැහැර ගැනීමට සෘජුව සමබන්ධයක් ඇති බව නොපෙණෙන බවය.
නමුත් ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් මාධ්‍ය හමුවේ සිදු කළ ප්‍රකාශයෙන් තහවුරු වන්නේ ඇය ඊට සෘජුවම සම්බන්ධ වී ඇති බවයි.