නත්තල් නිවාඩුව වෙනුවෙන් වසා දමන අවස්තාව වනවිට කොළඹ කොටස් වෙළදපළේ මිල දර්ශක බරපතල බිඳ වැටීමකට හසුව තිබිණි.
දෙසැම්බර් 22වැනිදා කොටස් වෙළඳපල මාස 21කින් වාර්තා වූ දරුණුම පසුබෑම ප්‍රදර්ශනය කළේය. සමස්ත දර්ශකය දිනය අවසන දී 6854.57 ක් ලෙස ලෙස සටහන් වූ අතර එස් ඇන්ඞ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය සටහන් වූයේ 3605 .25 ක් ලෙසය.
කොළඹ කොටස් වෙළදපළේ දෙසැම්බර් 22 දිනයේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 263ක් වූ අතර පසුගිය 2014 වසරේ මාර්තු 24 වැනිදායින් පසුව වාර්තා වූ කොටස් වෙළඳපළ අවම පිරිවැටුම මෙයයි. මෙම පසුබෑම දෙසැම්බර් 23වැනිදාද නොවෙනස්ව තිබිණි.
කොටස් වෙළඳපල සඳහා ආයෝජකයන්ගේ පැමිණීම මෙතරම් බිඳ වැටුනේ ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා කම්කරු අයිතීන් පවා අහිමි කිරීමට මෙවර අයවැයෙන් ආණ්ඩුව පියවර ගත් තත්වයක් තුලය.
ප්‍රසන්න ජයවීර