පුත්තලම කරුවලගස්වැව පිහිටි වයඹ උතුරුමැද සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානයට අනුයුක්ත 400කට අධික සංඛ්‍යාවක් වන නිලධාරීන්ට මාස තුනක සිට ආහාර දීමනාව ලබා දී නොමැති බවට ඔවුන් චෝදනා කරයි.
හලාවත වැවිලි සමාගමකට අයත් ප්‍රධාන පෙලේ වතු කිහිපයකට ද, පොල් සංවර්ධන මණ්ඩලයට අයත් වතු කිහිපයකට ද, ප්‍රාදේශීය සංවර්ධන බැංකු ශාඛාවලට, ලංකා පුත්‍ර බැංකු ශාඛාවලට, සුළං බලාගාරවලට මෙන්ම පුත්තලම, කල්ලඩිය, මාදම්පේ සහ වෙන්නප්පුව පිහිටි විදුලි උපපොල මධ්‍යස්ථානවලට ද මෙම ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට අයත් සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන් ආරක්ෂක සේවා සපයයි.
මෙසේ ආරක්ෂාව සඳහා යොදවන නිලධාරියකුට අදාල ආයතන රුපියල් අටසියයක දෛනික වේතනයක් සිවිල් ආරක්ෂක බලකාය වෙත ගෙවන අතර විශේෂ රාජකාරි සඳහා යොදවන නිලධාරියෙකුට මාසික වැටුපට අමතරව දිනකට රුපියල් 250ක ආහාර දීමනාවක් ලබා දෙන ලදී.
නමුත් සිවිල් ආරක්ෂකයන් පවසන්නේ පසුගිය සැප්තැම්බර් මාසයේ සිට තමන්ට එම දීමනාව ගෙවා නොමැති බවයි.
හර්ෂනී රාජකරුණා