ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නව ප්‍රහාරක යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් රාජතාන්ත්‍රික බලපෑම් එල්ල වෙමින් පවතින බව වාර්තා වේ.
පියවි ඇසට නොපෙනෙන වස්තුන් පවා හඳුනා ගැනීමේ අධිතාක්ෂණයකින් යුක්ත ජේ.එෆ්. 17 තණ්ඩර් නමැති එම ප්‍රහාරක යානා 7ක් චීනයෙන් මිලදී ගැනීමට ඉන්දියාව අප්‍රසාදය පල කර ඇති බව වාර්තා වේ.
මුලින් එම යානා අමෙරිකා එක්සත් ජනපදයෙන් මිලදී ගැනීම තීරණය කර තිබූ නමුත් ගුවන්යානා මිල ඉහළ අගයක් ගන්නා බැවින් පසුව එම තීරණය වෙනස් කර තිබේ. ඉන් අනතුරුව චීනයේ නිෂ්පාදිත ප්‍රහාරක යානා පාකිස්තානයෙන් මිලදී ගැනීමට ගුවන් හමුදාව තීරණය කරන ලදී.
මෙම ජේ.එෆ්. 17 තණ්ඩර් ප්‍රහාරක යානා පාකිස්තාන ගඟන විද්‍යා සංකීර්ණය සහ චීනයේ චෙණ්ඩු ගුවන් යානා සමාගම ඒකාබද්ධව එම යානා නිර්මාණය කරන ලද ඒවාය. එහි පළමු විදෙස් ගැනුම්කරු ශ්‍රී ලංකාව බව පාකිස්තාන මාධ්‍ය ද වාර්තා කර තිබිණි.
කෙසේ වෙතත් ලංකාව චීන ප්‍රහාරක යානා මිලදී ගැනීම පිලිබඳ නොසතුට පල කර ඇති ඉන්දියාව ගුවන් හමුදාව ශක්තිමත් කිරීම අවශ්‍යනම් වෙනත් රටකින් ඒවා මිලදී ගන්නා ලෙස ලංකාවේ රජයට දැනුම් දී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාර්තා කරයි.
වජිර තෙන්නකෝන්