පාසලක එක පන්තියක සිටිය හැකි උපරිම සිසුන් ගණන 50ක් ලෙස මුලින් චක්‍රලේඛයක් නිකුත් කර තිබුණු අතර එය 40 දක්වා පහත දමන බවට ආණ්ඩුව සහ අධ්‍යාපන බලධාරීන් වරින් වර අදහස් ඉදිරිපත් කලද ඒ සඳහා චක්‍රලේඛයක් නිකුත් නොකිරීම නිසා පාසල් අර්බුදයට ගොස් ඇතැයි වාර්තා වේ.
මේ දිනවල පාසල් වල පළමු ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීමේ කටයුතු ආරම්භ කර තිබුනද තවමත් එක පන්තියක සිටිය හැකි උපරිම සිසුන් ගණන සඳහන් නිල ලේඛනයක් නිකුත් කර නැත.
මේ හේතුව මත පළමු වසරට සිසුන් බඳවා ගැනීමේ ව්‍යාකූලතාවයක් ඇති වී තිබෙන බවට විදුහල්පතිවරු චෝදනා කරති.
මධුරි මුණසිංහ