පසුගිය අයවැයෙන් මෙරට මත්පැන් නිෂ්පාදන සමාගම් වෙත පනවන ලද රුපියල් මිලියන් 150ක නිෂ්පාදන බද්ධ ඉවත් කිරීමට හවුල් ආණ්ඩුව මේවන විට කටයුතු කරමින් සිටින බව වාර්තාවේ.
මෙම මත්පැන් නිෂ්පාදනය සමාගම්වලට පනවන ලද නිෂ්පාදන බද්ධ ගැන එම සමාගම් විසින් රජයෙන් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන මෙම සංශෝධනය කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව වාර්තාවේ.
මේ වන විට මෙරට මත්පැන් නිෂ්පාදන සමාගම් 24ක් පමණ තිබෙන බව වාර්තා වන අතර මෙම නව බදු සංශෝධනය විසින් එම සමාගම්වලට මෙම සහනය හිමිවනු ඇත.
පසුගිය අය වැයෙන් මෙරට මත්පැන් සදහා විශේෂ මිල වැඩිවීමක්ද කරන ලදී.