පාසල් නිල ඇඳුම් සඳහා මෙතෙක් කල ආකාරයට රෙදි ලබාදීම වෙනුවට වවුචර් පත් ලබාදීමත් සමග එම නිල ඇඳුම් සඳහා භාවිතා කෙරෙන රෙදි සඳහා ප්‍රමිතියෙන් තොර රෙදි තොගයක් වෙළෙඳපොළට නිකුත් කර ඇති බවට තොරතුරු වාර්තා වේ.
ඇඳුම් මසන්නන් පවසන්නේ කලිසම් මැසීමට යොදාගන්නා රෙදි තොග අතර බාල රෙදි වර්ග ගණනාවක තොග නිකුත් වී ඇති බවයි. ඊට අමතරව කමිස සහ ගවුම් මැසීම සඳහා යොදාගන්නා රෙදි වර්ග ගණනාවක් වෙළෙඳපොළේ ඇති අතර ඒවායෙන් ඇතැම් රෙදි වර්ග ප්‍රමිතියෙන් තොරය.
එම බාල රෙදි සඳහාද අධ්‍යාපන අමාත්‍යංශයේ වවුචරයෙන් දෙන මුදලට වඩා රුපියල් 100-150 අතර මුදලක් පුද්ගලිකව වැය කිරීමට දෙමව්පියන්ට සිදුවී ඇත.
ප්‍රසන්න ජයවීර