ජාතික නිදහස් පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර ලබන 05 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ (28) නියෝග කළාය. ඇය එම නියෝගය සිදු කළේ රජයේ වාහන තුනක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් වු නඩුවක් විභාග කරමිනි.
ජාතික නිදහස් පෙරමුණේ ඉල්ලීම මත 2009 වර්ෂයේදී ජාතික නිදහස් පෙරමුණේ එවකට සිටි මන්ත්‍රීවරුන්ට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලැබුණු වාහන අවභාවිත කර රජයට රුපියල් 50,34,000.00ක මුදලක් පාඩු කිරීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර අදිකරණය ඉදිරිපත් කළේය. එහිදී මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අධිකරණයට වැඩි දුරටත් කරුණූ ඉදිරිපත් කරමින් පැවසුවේ ලක්ෂ 51ක මුදලක් පාඩු කිරීම සම්බන්ධ තොරතුරු ලැබී ඇති බවත්, මෙතෙක් කරන ලද පරීක්ෂණ අනුව සැකකරුගේ ගිණුමට රුපියල් 1,40,000.00ක මුදලක් බැරවී ඇති බව අනාවරණය වී ඇති බවයි.
එමෙන්ම අදාල මුදල් මන්ත්‍රීවරයාගේ ගිණුමට බැර කර ඇත්තේ මන්ත්‍රීවරයාගේ රියැදුරු විසින් බවත්, රියැදුරු කටයුතු කර ඇත්තේ මන්ත්‍රීවරයාගේ උපදෙස් මත බවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණය වෙත දැනුම් දී ඇත. මේ අනුව තව දුරටත් විමර්ශන කටයුතු සිදු කෙරෙන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ද අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් ඉල්ලා ඇත.
කෙසේ වෙතත් කඩුව ලබන 05දා දක්වා කල් තැබූ විනිසුරුවරිය සැකකාර මන්ත්‍රී සමරවීර ලබන 05 දක්වා රක්ෂික බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.