උපතේ දී ඇති වන ආබාධ තත්වයන් හා සම්බන්ධ ‘සිකා’ වෛරසය මේ වන විට අමෙරිකානු මහද්වීපය පුරා පැතිර යාමේ අවදානමක් මතුව ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඒඩස් නම් මදුරුවන් හරහා බෝ වන මෙම වෛරසය පසුගිය මැයි මාසයේ සිට බ‍්‍රසීලය තුළ සීග‍්‍රයෙන් පැතිර යයි.
මෙම වෛරසයේ බලපෑමෙන් මේ වන විට මොලය ඌණ වශයෙන් වර්ධනය වූ දරුවන් දහස් ගණනක් ඉපදී ඇතැයි වාර්තාවේ. මෙම වෛරසය පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කළ යුතු මුත් මදුරුවන්ගෙන් ව්‍යාප්ත වන රෝග බහුලව ඇති ඕනෑම රටක මෙම රෝගය පැතිරයාමේ අවධානමක් ඇතැයි විශේෂඥයෝ පවසති. ඒ නිසා ආසියානු කලාපයත් මෙම රෝගය පිළිබඳ අවධානය යොමු කළ යුතු බව ඔවුහු වැඩිදුරටත් පවසති.

